Similar Posts
ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Zoom Program
අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නාගරික වෛද්‍ය නිලධාරිතුමන් හා ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ සම්පත්දායකත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? යන මාතෘකාව පිලිබදව 2023.08.15 වන දින වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පැවැත්වුණි..
“ලෝකය අයිති කියවන්නාට “
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
නිවසේ පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම
අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .
ශ්‍රී දළදා පෙරහැර – 2023
27 වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර ෙඑතිහාසික ශ්‍රී දළදා පෙරහැර2023 අගෝස්තු 01 වන දින ප.ව 6.30 ට ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ වී ඇතුළු නුවර සංචාරය කෙරේ.අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබයි.
