අනුරාධපුර මහ නගර සභාව

දෙපාර්තමේන්තු

මේ වන විට අනුරාධපුර මහ නගර සභාව දෙපාර්තමේන්තු 04ක් යටතේ ක්‍රියාත්මක වේ.

01. නාගරික පරිපාලන දෙපාර්තමේන්තුව  

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
S.ඉන්ද්‍රාණි සිල්වා
025 – 2222275

නාගරික පරිපාලන දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර මහා නගර සභාවේ සේවයේ නියුතු සියළුම ස්ථිර හා අනියම් කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපිගොණු යාවත්කාලීනව පවත්වාගෙන යාම, මහා නගර සභාව ඇතුළුව සියළුම උප කාර්යාලයන්හි මාසික ජල, විදුලි, දුරකථන බිල්පත් පියවිම, කාර්ය මණ්ඩල  නිවාඩු , දුම්රිය බලපත්‍ර , සේවක සුභසාධනය, නිල නිවාස  ඇතුළු අනෙකුත් සියළු පරිපාලන කටයුතු ඉටු කරනු ලබයි.

පරිපාලනයේ පහසුව සඳහා ප්‍රධාන අංශ 11 ක් ලෙස බෙදා වෙන්කර ඇති අතර, පරිපාලන නිලධාරිගේ අධීක්ෂණය යටතේ  ඒ ඒ අංශ ප්‍රධානීන් විසින් එම අංශයන් හි කාර්යයන් ඉටු  කරනු ලබයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු නිලධාරි ද ලෙස ද කටයුතු කරනු ලබයි.

නාගරික කොමසාරිස්වරයාගේ පරිපාලනය යටතේ පවතින දෙපාර්තමේන්තුව අංශ හතරකට ක්‍රියාත්මක වීමට බෙදා ඇත.

නිති නිලධාරි,

ඩී.එන්. ප්‍රියන්ති

025 – 2222275

252 අධිකාරය වන මහා නගර සභා ආඥා පනතට අනුව,  මහා නගර සභාවේ සියළු නීති කටයුතු නීති අංශය මගින් ඉටු කරනු ලබයි.

එන්.වී.ලැබුනහේවා,

අභ්‍යන්තර විගණක,

025-2222275 දිගුව 521

මහ නගර සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් හෝ ගණන් දීමේ නිලධාරියා විසින් හෝ අදාළ පාලක මණ්ඩලය විසින් තමාට සහයදීම පිණිස පත් කරනු ලබන නිලධාරියා අභ්‍යන්තර විගණන නිලධාරියා වේ.

ඊට අනුකූලව වැරදි හා වංචා වැලැක්වීම සඳහා මහ නගර සභාව තුළ හා උප කාර්යාලවල අභ්‍යන්තර සෝදිසි කිරීම් හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරිත්වය අතින් සාර්ථකව ක්‍රියාත්මකවේද යන්න සොයා බැලීම,

ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදාගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත මඟින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයන් පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි පරීක්ෂා කර බැලීම, කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටුකිරීමෙහි ලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකතාව ඇගයීම, මහ නගර සභාවේ වත්කම්, සියළුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත් ද? ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි. මහ නගර සභා ආඥා පණත ,රජය මඟින් විටින් විට නිකුත් කරන නීති හා චක්‍ර ලේඛ ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීම, නාස්තිය, දූෂණය හා අනවශ්‍ය වියදම් වැලැක්වීම හා ආවරණය කර ගැනීමෙන් අභ්‍යන්තර පාලන ක්‍රමය සාර්ථක කිරීම, මහ සභාව හා ආයතන ප්‍රධානියා නිකුත් කරන චක්‍ර ලේඛ හා උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් සභාව සතු වත්කම් ආරක්ෂා වේද යන්න පරීක්ෂා කිරීම, පවතින සම්පත් උපරිම වශයෙන් පරිහරණය කාර්යක්ෂම ලෙස හා අරපිරිමැස්මෙන් යුතුව එම සම්පත් පරිහරණය කරන්නේද යන්නත් පරීක්ෂා කිරීම, අවශ්‍ය හා උපදෙස් ලද විගස විමර්ශනය කර ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට හා ගණන් දීමේ නිලධාරියාට වාර්තා කිරීම වන තෙක් සිදුවන කාර්යයන් සභාවේ අභ්‍යන්තර විගණන අංශය මඟින් ඉටු කරනු ලබයි.


Chief Librarian

This image has an empty alt attribute; its file name is Screenshot-2022-10-17-095839-1024x213.png

හැඳින්වීම

1951 මැයි 23 වන දින පොත් 600 ක් සහ සාමාජිකයන් 08 දෙනෙකුගෙන් අනුරාධපුර මහජන පුස්තකාලය ආරම්භකොට ඇත.1959 සැප්තැම්බර් 12 වෙනි දින ශ්‍රී ලංකාවේ පලමු ළමා පුස්තකාලය දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා විසින් අනුරාධපුර මහජන පුස්තකාලය තුල ස්ථාපිත කරන ලදී.එවකට යූ.ආර්.ජේ.විජේසේන මහතා පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන ලදී.

මේ වන විට සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොත් 100,000 ආසන්න ප්‍රමාණයක්ද , සතිපතා සහ සති අන්ත පුවත්පත් සමග වාරසගරා වලින් සමන්විත සමබර පුස්තකාල එකතුවක් පවතී.දැනට කාර්ය මණ්ඩලය තුල ස්ථිර හා අනියම් ලෙස සේවක සංඛ්‍යාවකින් 22 කින් යුක්ත වේ.

තවද පුස්තකාලයට පැමිණීය නොහැකි එහෙත් පොත්පත් කියවිමේ කැමැත්ත ඇති පාඨකයන් සිටින ස්ථානවලට (ළමා නිවාස ) පොත් රැගෙන ගොස් කියවිමට ලබාදිමේ කාර්යයන් සිදුකිරිමට මහජන පුස්තකාලයේ ජංගම පුස්තකාල අංශයක් ස්ථාපිත කර ඇත. එමෙන්ම නගර සීමාවට තුලට සීමා නොවී මහජන පුස්තකාලය මගින් පාලනය වන ශාඛා පුස්තකාලයක් ඉසුරුපුර රතනසාර විහාර භුමියේ ස්ථාපිත කර ඇත.

 • The library is not open to readers on the last Friday of each month.

එස්.එන්.එම්.පී.එම්.නවරත්න මිය

ප්‍රධාන පුස්තකාලයාධිපති

අපගේ මෙහෙවර

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කීම නිසා ලෝක උරුම නගරයක් ලෙස පිළිගත් අනුරාධපුර නගරයේ සහ තදාසන්න නගරවල ප්‍රජාවගේ සාරක්ෂරතා හැකියාවක් වැඩිදියුණු කරගැනීම සදහා පොතපත හා නවීන තොරතුරු තාක්ෂණ ක්‍රම තුළින් සමස්ථ දැනුම් සම්භාරය හඳුනාගෙන ,අත්පත්කරගෙන,සංවිධානය කොට සංරක්ෂණය කර ගනිමින් ජනතා පරිශීලනයට යොමුකොට උගත් ,බුද්ධිමත්, විනය ගරුක ,මිත්‍රශීලී ප්‍රජාවක් සමාජයට දායාද කිරීමේ උදාර අරමුණ ඉටුකිරීමට දායක වීම අපගේ මෙහෙවර වේ.

අපගේ දැක්ම

දැයට දැනුම ලබාදීම තුළින් සාමය සහ සෞභාග්‍යකරා ජනතාව මෙහෙයවීම

විවෘතව පවතින වේලාව

ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හිදි ,ඉරිදා සහ සෑම මසකම අවසාන සිකුරාදා දින පුස්තකාලය වසා තබන අතර අනෙකුත් දිනවලදී පෙ..8.30 සිට .. 4.45 දක්වා විවෘතව තබනු ලැබේ.බැහැරදෙන අංශය විවෘත කරනු ලබන්නේ පෙ.ව.8.30 සිට ප.ව.4.00 දක්වා පමණි.

විශේෂ හේතුන් මත පුස්තකාලය විවෘත කරනු ලබන කාල වේලාවන් වෙනස් විමට ඉඩ තිබේ. කිසියම් වෙනසක් ඇති වුවහොත් ඒබව දැන්විම් පුවරුවෙහි සඳහන් කරනු ලැබේ.

පොත් බැහැරෙදන අංශය

මහජන පුස්තකාලයේ පොත් බැහැරදිමේ කටයුතු සිදුකරනු ලබන්නේ මෙම අංශය මගිනි. මෙහිදි සාමාජීකත්වය ලබාගැනිමෙන් පසු එක් පාඨකයෙකු සඳහා දින 21 කට වලංගු වනසේ පොත් 02 ක් රැගෙන යාමට අවසර ලැබේ. වසය අවුරුදු 14 ට වැඩි අය සදහා මෙම අංශය මගින් සාමාජීකත්වය ලබාදෙන අතර, සාමාජීකත්වය ලබාගත හැක්කේ නගර සීමාව තුළ පදිංචි හෝ නගර සිමාව තුළ පාසලක අධ්‍යාපනය ලබන අය සඳහා පමණි.

සාමාන්‍යය සාමාජීකත්වය

මහා නගර සභා පාලන සීමාව තුල පදිංචිකරුවන් වන්නා වු හෝ කාර්යාලයක හෝ වෙළෙද ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා වු තැනැත්තෙක් හෝ අධ්‍යාපන ආයතනයක ආචාර්ය මංඩලයේ කෙනෙකු බැහැරදෙන අංශයට රුපියල් සියයක (රු.100.00) ගාස්තුවක් ගෙවිමෙන් පසු පොත් බැහැරදෙන අංශයේ සාමාජීකත්වය පිරිනමනු ලැබේ.

පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවක විසින් සාමාජීකත්වය ලබාගැනිමේදි ඔහු/ඇය පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවක බව විදුහලේ විදුහල්පතිතුමා මගින් තම නිල මුද්‍රාව තබා සහතික කොට ඇති කල්හි පමණක් සාමාජීක ගාස්තු වශයෙන් රු.50.00 ක් ගෙවිය යුතුය. එසේම ඔවුන්ද ඇපකකරුවෙකු ඉදිරිපත්කල යුතුය. නැවත ගාස්තු ගෙවා සෑම වසරකම සාමාජීකත්වය අළුත් කල යුතුය.

විශේෂ සාමාජීකත්වය

අනුරාධපුර දිස්ත්‍රික්කය තුල  පදිංචි සහ නගර සභා සිමාව තුල යම් අධ්‍යයන කටයුත්තක හෝ වෙනයම් සේවාවක යෙදෙන ඕනෑම අයෙකුගෙන් සාමාජීක මුදලට අමතරව රු.1000.00 ක ආපසු නොගෙවන සේවා ගාස්තුවක් ලබාගෙන සාමාජීකත්වය ලබාදිම.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුල  ඕනෑම පාසලක සිප්සතර හදාරන සිසු සිසුවියන්ගෙන් සාමාජීක මුදලට අමතකරව රු.500.00 ක ආපසු නොගෙවන සේවා ගාස්තුවක් ලබාගෙන සාමාජීකත්වය ලබාදිම.

සාමාජීක ගාස්තු

වැඩිහිටි                     –           රු.100.00

ශිෂ්‍ය                          –           රු.50.00

විශේෂ                      

වැඩිහිටි         –           රු.1000.00

ශිෂ්‍ය              –           රු.500.00

අයදුම්පත සඳහා –        රු.20.0

ළමා අංශය

වයස අවුරුදු 14 ට අඩු ළමා පාඨකයින් සඳහා මෙහි සාමාජිකත්වය ලබාදෙන අතර සාමාජික අයදුම්පතක් පුරවා ළමා අංශයට භාරදී සාමාජිකත්වය ලබාගත හැක. මෙහිදි සාමාජීකත්වය ලබාගැනිමෙන් පසු එක් ළමා පාඨකයෙකු සඳහා දින 14 කට වලංගු වනසේ පොත් 02 ක් රැගෙන යාමට අවසර ලැබේ.එමෙන්ම නැවත ගාස්තු ගෙවා සෑම වසරකම සාමාජීකත්වය අළුත් කල යුතුය. පොත් බැහැරදිමත් , අංශය පරිශිලනයක් හැර මෙම අංශය මගින් ළමා පාඨකයින් සඳහා විවිධ වැඩසටහන් සඳහා ක්‍රියාත්මක කරුනු ලැබේ.

සාමාජීක ගාස්තු

ළමා                            –           රු.50.00         

අයදුම්පත සඳහා –        රු.20.00

විමර්ෂණ අංශය

මෙම අංශය තුළ සිංහල / ඉංග්‍රිසි සහ වලිසිංහ හරිස්චන්ද්‍ර පර්යේෂණ අංශය ලෙස අංශ 03 ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. මෙහිදි පාඨකයින්ට අවශ්‍ය පොත් පරිශිලනය කිරිම මෙම අංශය තුළදිම සිදුකර ගත යුතුය. පොත් පිටතට ගෙනයා නොහැක. තමන්ට අවශ්‍ය පොත් සොයා ගැනිම සදහා අංශයේ පුස්තකාලයාධිපතිගේ සහ සේවකයින්ගේ සහාය ලැබේ. තවද ඉතාමත් පැරණී එහෙත් අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය පොත් එකතුවක් වලිසිංහ හරිස්චන්ද්‍ර පර්යේෂණ තුළ පවත්වාගෙන යනු ලැබේ.

පුවත්පත් අංශය

මෙම අංශය සදහා භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් මිලදි ගනු ලැබේ. දිනපතා සහ සති අන්ත පුවත්පත් පහසුවෙන් පාඨක පරිශිලනයට ගැනිමට හැකිවන පරිදි පුවත්පත් ගොනු වශයෙන් සකස් කොට ඇත. තවද නවතම රැකියා තොරතුරු පාඨකයාට දැනගැනිමට හැකිපරිදි දැන්විම් පුවරුවක් නඩත්තු කිරිම.

වාරසරා අංශය

මෙම අංශය මගින් පහත සදහන් සේවාවන් මහජනයට සපයනු ලැබේ.

  • පුවත්පත් කැපුම් අංශයක් පවත්වාගෙන යාම – මෙහිදි පුවත්පත්වල පලවන විශේෂ තොරතුරු , විභාග සදහා පලවන පාඩම් මාලා ආදිය පොත් ලෙස බැද එකතුවක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
  • පැරණි පුවත්පත් එකතුව – මාස 06 ක පමණ පැරණී පුවත්පත් පාඨක අවශ්‍යතා සදහා රැස්කර ඇත.
  • 1956 සිට රජයෙන් නිකුත් කරනු ලබන ගැසට් එකතුවක් සහ 1952 සිට පනත් එකතුවක් සහ මහ බැංකු වාර්තා එකතුවක් පවත්වාගෙන යාම.
  • ලංකාව තුල පලවන නවතම ග්‍රන්ථ පිළිබද විස්තර ලබාගැනිම සදහා ජාතික ග්‍රන්ථ නාමාවලි එකතුවක් පවත්වාගෙන යාම.
  • භාෂා ත්‍රිත්වයෙන්ම වාර සගරා පාඨක ප්‍රයෝජනය සදහා මිලදි ගැනිම

විශේෂ එකතු අංශය

පහත සඳහන් තොරතුරු මෙම අංශයේදී පරිශීලනය කළ හැක.

  • 1956 වර්ෂයේ සිට ගැසට්
  • 1952 වර්ෂයේ සිට පනත්
  • මහ බැංකු වාර්තා
  • අනුරාධපුර මහ නගර සභාවට අයත් සභා වාර්තා
  • වෙනත් තොරතුරු සේවා

පරිගණක අංශය

මෙම අංශය මගින් පහත සදහන් සේවාවන් මහජනයට සපයනු ලැබේ.

  1. අන්තර්ජාල සේවාව
  2. මුද්‍රණ පිටපත් සේවාව
  3. ඡායා පිටපත් සේවාව
  4. Scan And CD Write
  5. ව්‍යාපෘති සදහා තොරතුරු සොයා පැමිණෙන පාඨකයන්ට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලය මගින් සොයාදිම.

අධ්‍යයන අංශය

තම පොතපත සහ සටහන් ආදිය රැගෙන විත් අධ්‍යයන කටයුතු කිරීම සදහා පහසුකම් සපයා ඇත. මෙම අංශයේදි එකවර ළමුන් 200 කට පමණ අධ්‍යයන කටයුතු කිරීම සදහා හැකියාව ඇත.

ශාඛා පුස්තකාලය

මහජන පුස්තකාලය මගින් පාලනය වන ශාඛා පුස්තකාලයක් ඉසුරුපුර රතනසාර විහාර භුමියේ ස්ථාපිත කර ඇත. මෙම ශාඛා පුස්තකාලයේද පොත් බැහැරදිමේ කාර්යයත් විමර්ශන සේවාවත් දිනපතා පුවත්පත් බැලිමේ අවශ්‍යතාවයද සපුරා ගැනිමේ හැකියාව ඇත.

ජංගම පුස්තකාල සේවය

2015 වර්ෂයේදී, පුස්තකාලයට පැමිණීය නොහැකි එහෙත් පොත්පත් කියවිමේ කැමැත්ත ඇති පාඨකයන් සිටින ස්ථානවලට (ළමා නිවාස ) පොත් රැගෙන ගොස් කියවිමට ලබාදිමේ කාර්යයන් සිදුකිරිමට මහජන පුස්තකාලයේ ජංගම පුස්තකාල අංශයක් ස්ථාපිත කර ඇත.

සම්බන්ධ වන්න :

දු, ක . : 025-2222629
විද්‍යුත් තැපෑල
: anu.publiclibrary@gmail.com

S.M.S.D.P.K. සේනානායක

පෙරටු  කාර්යාල ප්‍රධානී.

සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන් හට ප්‍රමාණවත් ආසන පහසුකම්, ගෙවීම් කවුන්ටර් සමග සියළු සේවාවන් පෙරටු කාර්යාලය මගින් සිදු කර ගැනීමේ පහසුකම් සළසා ඇත. මහජන අදහස්. යෝජනා හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ද අවස්ථා සළසා ඇත.

මහා නගර සභාවට අයත් නාගරික පරිපාලන දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව, නාගරික මුදල් දෙපාර්තමේන්තුව, නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යන ප්‍රධාන අංශ හතරට අයත්, සංරක්ෂණය කළ යුතු ලිපිගොනු හා ලේඛන මෙහි ගබඩා කොට පවති.

පලාත් පාලන ආයතන අතරින් හොඳම ලේඛනාගාරයට හිමි ඵලදායීතා සම්මානය ද ලබාගෙන ඇත.                     

අනුරාධපුර මහා නගර සභා ලේඛනාගාරය පළමු ලේඛනාගාරය හා අංක 02 ලේඛනාගාරය වශයෙන් ගබඩාවන් දෙකක් ලෙස පවති.

    මෙහි කාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත වේ.

භාරකරු මනෝජ් තලවත්ත වන අතර, සහයක ලෙස එන්. සියාම් හා එච්. එම්. සචින්තා ප්‍රසාදිනි හේරත් කටයුතු කරයි.    ප්‍රධාන අංශ හතරෙන් ඉල්ලුම් කරන ලිපිගොනු හා ලේඛන නිලධාරියකු ගේ අනුමැතිය ඇතිව නිකුත් කිරීම, එම අංශ වලින් ගබඩා කිරීම සඳහා ලැබෙන නව ලේඛන හා ලිපිගොනු භාර ගැනීම හා ගබඩා කිරීම, ලේඛනාගාරයෙන් නිකුත් කරන හා  ලේඛනාගාරය වෙත නැවත භාරගන්නා ලිපිගොනු, ලේඛන පිළිබඳ තොරතුරු හා ලේඛනාගාරයට අලුතින් එකතු  වන ලිපිගොනු හා ලේඛන පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම  ලේඛනාගාරයෙහි දෛනික රාජකාරි වලට අදාල වේ.

පාසල් දරුවන් හා පාසල් අධ්‍යාපනය අවසන් කල දරුවන් සඳහා ද  විෂය ක්ෂේත්‍රයන් 04 ක් යටතේ පරිගණක අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.  සහනදායී පාඨමාලා ගාස්තු යටතේ මෙන්ම විශේෂ ශිෂ්‍යත්ව ක්‍රම මගින් ද පාඨමාලා මෙහෙයවනු ලබයි. පලපුරුදු පරිගණක පුහුණු උපදේශකවරුන්ගේ සේවය ලබා දේ.

අනු අංකයපාඨමාලාවේ නමකාල සීමාවපාඨමාලා ගාස්තු
     පූර්ණ ශිෂ්‍යත්ව       බාහිර සිසුන්
01Microsoft Officeමාස 10     නොමිලේ6000.00
02Microsoft Office KIDSමාස 10     නොමිලේ3000.00
03Graphic Designමාස 10     නොමිලේ6000.00
04Hardware and Networkingමාස 10     නොමිලේ4500.00
බඳවා ගැනීමේ ක්‍රමවේදය
  1. මහා නගර සභා කාර්යාලයෙන් හෝ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් අයදුම්පත්‍ර ලබා ගත හැක.
  2. විධිමත්ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය මහා නගර සභා කාර්යාලයට හෝ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත දිය යුතුය.
  3. පාඨමාලා සඳහා තෝරා ගැනීමෙන් අනතුරුව පාඨමාලා ගාස්තු එකවර හෝ කොටස් වශයෙන් ගෙවිය හැකිය.
පූර්ණ ශිෂ්‍යත්ව හෝ අර්ධ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීම.
  1. මහා නගර සභා සීමාවේ පදිංචිකරුවෙකු මෙන්ම අඩු ආදායම්ලාභී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් පූර්ණ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකිය.
  2. ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කරන අයදුම්පත සම්පූර්ණ කර කොට්ඨාශභාර මන්ත්‍රීතුමා/ තුමියගේ නිර්දේශය සහිතව නගරාධිපතිතුමා / නාගරික කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතු ය.

2018 වසරේදී ගරු නගරාධිපතිතුමා එච් පී සෝමදාස මැතිදුන්ගේ උදාරතර සංකල්පයකට අනුව නගර සීමාව තුළ සිටින මහජනතාවගේ දරුවන් උදෙසා  සහනදායී පදනම මත  ප්‍රභාවී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය බිහිවිය. එය පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි.

අනුරාධපුර නගරයේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ  සේවයේ නියුතු දෙමව්පියන් සඳහා තම දරුවන් ඉතාමත් සුරක්ෂිත ලෙස තැබිය හැකි ප්‍රමාණවත් ඉඩකඩ හා සියළු පහසුකම් වලින් සමන්විතව දිවා සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි. ප්‍රධාන පාලිකාව ඇතුළු ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයක සේවය සමග සහනදායී ගාස්තු යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රධාන පාලිකාව
එම් ඩී කේ නිරෝෂිකා රසිකානි
සම්බන්ධතා : 025 3134870

සහාය පාලිකාවන්
යූ වී එන් ප්‍රියදර්ශනී
එස් කෝරළගේ

ඇතුළත්වීමේ ගාස්තු 2000.00

මාසික පන්ති ගාස්තු 2000.00

වයස අවුරුදු 03-04 කාණ්ඩයේ දරුවන් සඳහා පහළ බාලාංශයද, වයස අවුරුදු 04-05 කාණ්ඩයේ දරුවන් සඳහා ඉහළ බාලාංශය වශයෙන්ද පන්ති කාමර වෙන් කර ඇත

  • රාජ්‍ය ආයතනයක මගින් පූර්ණ විශ්වාසයක් සහිතව පවත්වාගෙන යනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්වීම
  • සිත් ඇදගන්නා සුලු  සුව පහසු පන්ති කාමර
  • දරුවන් වෙනුවෙන්ම සකසන ලද සනීපාරක්ෂක පහසුකම්
  • දරුවන්ට හිතකාමී නිදහස්  ආරක්ෂිත හා අලංකාර පරිසරයක් සහිත වට පිටාව
  • තාප්පය සහිත ආරක්ෂක වැට
  • සුදුසුකම් සහිත පළපුරුදු ගුරුවර්යන්ගේ මග පෙන්වීම
  • අනුරාධපුර නගරය තුළ අවම ඇතුලත් වීමේ  හා මාසික ගාස්තු
  • විනෝදාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ක්‍රම
  • පන්ති කාමර සඳහා සීමිත ළමුන් සංඛයාවක් බඳවා ගැනීම

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට හා රුවන්වැලි මහා සෑයට ඉතාමත් සමීපයෙන් පිහිටා ඇත.  අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් හා අනෙකුත් දේශීය, විදේශීය සංචාරකයින් සඳහා ඔවුනගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් වායු සමනය කරන ලද හා සාමාන්‍ය කාමර ලෙස රියදුරු නවාතැන් පහසුකම් සහිතව සහනදායී ගාස්තු යටතේ එකවර 50 දෙනෙකුට සිටිය හැකි ලෙස සකස් කර ඇත.  සංචාරක බංගලා භාරකරු සමග සුහදශීලී කාර්ය මණ්ඩලයක් විසින් සේවය සපයනු ලබයි.

අනුරාධපුර දුම්රිය ස්ථානයට ඉතා සමීපයෙන් පිහිටා ඇත.  අනුරාධපුර නගරයට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන් මෙන්ම අනෙකුත් දේශීය  සංචාරකයින් සඳහා ඔවුනගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් වායු සමනය කරන ලද හා සාමාන්‍ය කාමර ලෙස සහනදායී ගාස්තු යටතේ එකවර 100 දෙනෙකුට සිටිය හැකි ලෙස සකස් කර ඇත. නිවාඩු නිකේතන  භාරකරු සමග සුහදශීලී කාර්ය මණ්ඩලයක් විසින් සේවය සපයනු ලබයි.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට හා රුවන්වැලි මහා සෑයට ඉතාමත් සමීපයෙන් පිහිටා ඇත.  අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් හා අනෙකුත් දේශීය  සංචාරකයින් සඳහා ඔවුනගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් සාමාන්‍ය කාමර ලෙස හා වැඩි පිරිසකට සිටිය හැකි ශාලා ලෙස  සහනදායී ගාස්තු යටතේ එකවර 320 දෙනෙකුට සිටිය හැකි ලෙස සකස් කර ඇත. නිවාඩු නිකේතන  භාරකරු සමග සුහදශීලී කාර්ය මණ්ඩලයක් විසින් සේවය සපයනු ලබයි.


02. නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව   

නගර සභා ඉංජිනේරු

මහා නගර සභාවේ සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම.

නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවට
අයත් අංශ

  • සංවර්ධන යෝජනා හඳුනාගෙන ඉදිරිපත් කරන්න.
  • සංවර්ධන සැලැස්ම/ක්‍රියාකාරී සැලැස්ම/පුහුණු සැලැස්ම සකස් කිරීම.
  • විදේශීය/විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ ක්‍රියාමාර්ග ගැනීම.
  • ප්‍රජා සංවර්ධන කටයුතු සිදු කිරීම
  • තොරතුරු/දත්ත ඉදිරිපත් කරන්න.
  • දේපල මැනීම සහ අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරකම්.

025      2227799

හදිසි ගින්නක්, හදිසි අවස්ථාවකදී ජනතාවට සේවය කිරීම සඳහා දිවා රාත්‍රී මෙම ඒකකය කැපවී සිටී. ඔවුන් හදිසි සත්කාර වලට අමතරව පහත සේවාවන් ඉටු කරයි.

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලැව්ගිනි සහ ආපදා වලදී අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම.
  • VIP ආරක්ෂණ ක්‍රීයාකාරකම්.
  • ගිනි ආරක්ෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • බාහිර ආයතන සඳහා ගිනි ආරක්ෂණ සහතික නිකුත් කිරීම.
  • වෙළඳ සංවිධානවලට ගිනි ආරක්ෂාව සැපයීම.
  • හදිසි අවස්ථාවකදී ක්‍රීයා කිරීම.

uවාහන, යන්ත්‍ර උපකරණ නඩත්තු හා සේවා කටයුතු වැනි යාන්ත්‍රික අංශයේ කටයුතු මෙහිදී සිදුකරණු ලබයි.

මෙම ඒකකය නගර සීමාවේ පදිංචිකරුවන් සඳහා සහනදායී මිල ගණන් යටතේ පුළුල් පරාසයක සේවාවන් සපයයි.

  • වායු සමීකරණ පද්ධති අලුත්වැඩියා කිරීම
  • ජලනල වැඩ
  • මේසන් වැඩ
  • වඩු වැඩ
  • කොඩි නල පළකිරීම
  • අනවසර පුවරු කටවුට් ඉවත් කිරීම
  • පින්තාරු කාර්මික සේවා


uනගර සභා සීමාවේ වීදි ලාම්පු වල අක්‍රිය පහන් නඩත්තු කිරීම, නගර සීමාව තුළ නව වීදි ලාම්පු සවි කිරීම හා නගර සභාවෙහි සියළු විදුලි නඩත්තු කටයුතු සිදුකිරීම.

025-3134499

  • නගර සීමාවේ සියලුම ක්‍රීඩා පිටි පිරිසිදු කිරීම
  • නගර සීමාව තුළ ඇති සියලුම ප්‍රජා මධ්‍යස්ථාන පරිපාලනය
  • මන්දාකිණි කොදෙව්ව, රන්මසු උද්‍යානය සහ ළමා උද්‍යානය පිරිසිදු කිරීම
  • නගර සීමාවේ සියලුම ඇවිදින මංතීරු පිරිසිදු කරන්න
  • ගෙවතු වගාව

03. නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී.

වෛද්‍ය ආර්, ඩී ඩබ්ලිව් ඩී රත්නායක
ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී.
025-2227882

G.V.R.W.J. බණ්ඩාර
ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, 025-2222275

හැඳින්විම

අනුරාධපුර මහා නගර සභාව තුළ මහජනයාට සේවාවන් ඉටුකිරිමට වෙන් කර ඇති දෙපාර්තමේන්තු අතරින් නාගරික ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සිදුකිරිමත් නගරය පිරිසිදුව තබාගනිමින් අලංකාරවත් ලෙස පවත්වාගෙන යාමත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින සිදුකරනු ලැබේ.

  • සේවක සංඛ්‍යාව
නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි 01
අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි01
පශු වෛද්‍ය නිලධාරි 01
පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක01
මහජන සෞඛ්‍ය පරික්ෂක05
කළමනාකරණ සේවා නිලධාරි03
කළමනාකරණ සේවා නිලධාරි (වැ.බ.) 04
සංවර්ධන නිලධාරි02
කාර්යාල කාර්ය සහායක 03
සෞඛ්‍ය පරිපාලක 07
සුසාන භුමි පාලක02
ආදාහනාගාර සහායක01
සෞඛ්‍ය කම්කරු  – ස්ථීර –129
සෞඛ්‍ය කම්කරු  – අනියම් 52
සෞඛ්‍ය කම්කරු  – දෛනීක39
රියදුරු 06
සෞඛ්‍ය මධ්‍යස්ථාන හෙද නිලධාරි(කොන්ත්‍රාත්)01

කාර්ය මණ්ඩල සැලැස්ම

  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

“ අනුරාධපුර පුරවරයේ නගරවාසීන් ප්‍රමුඛ කරගනිමින්

නගරය පරිහරනය කරන්නන්ගේ හිතසුව පිණිස

සියලුම සම්පත්  මෙහෙයවා ක්‍රමානුකූල සෞඛ්‍යමත් පරිසරයක්

නිර්මාණය කරදිම අපේ මෙහෙවරයි”

අනුරාධපුර මහා නගර සභා බල සීමාවට අයත් භුමි භාගයෙහි ජීවත්වන ජනතාවට සෞඛ්‍යමත් ලෙස ජීවත්විම සඳහා සෞඛ්‍යමත් පරිසරයක් ඇති කිරිම වෙනුවෙන් නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැවරි ඇති කාර්යභාරය අතිමහත්ය. ඒවගේම කාලයෙන් කාලයට ඇති වන සෞඛ්‍ය ව්‍යසනයන්ගෙන් නාගරික ජනතාව මුදවා ගනිමින් සෞඛ්‍යමත් ජනතාවක් බිහිකිරිම උදෙසාත් කටයුතු කිරිමට සිදුවේ.

ෙතවද සෞඛ්‍යමත් අනාගත පරිපුරක් බිහිකිරිම උදෙසා පාසල් සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම පෝෂණ වැඩසටහන්ද එයට සමගාමීව සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්ද සිදුකරනු ලබයි.‍ෙ2020 වර්ෂයේ අගභාගයේදි ලෝක ව්‍යසනයක් වු කොරොනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකිරිමට යෝජීත වු යම් යම් වැඩසටහන් තාවකාලිකව අත්හිටුවිමට සිදුවුවද 2022 වර්ෂයේ සිට නැවතත් අප බලාපොරොත්තු වු වැඩසටහන් යෝජිත අයුරින් සිදුකිරිමට හැකියාවක් ලැබි ඇත.

  • දෙපාර්තමේන්තුව යටතේ ඇති උප ආයතන
  1. 1 පියවර / 2 පියවර / 3 පියවර / පුජා නගරය පවිත්‍රතා ඒකකය
  2. පශු වෛද්‍ය ඒකකය
  3. පොදු සුසාන භුමිය
  4. කීරික්කුලම කොම්පොස්ට් පොහොර ඒකකය
  5. වෛද්‍ය මධ්‍යස්ථානය
  6. කසළ හුවමාරු ඒකකය

මහා නගර සභා බලප්‍රදේශය ආවරණ වන පරිදි කසළ කළමනාකරණ කටයුතු නිසි පරිසි සිදුකිරිම සඳහා බල සීමාව කළාප 04 කට බෙදා වෙන් කර ඇත. එ් ඒ කළාප තුළ පවිත්‍රතා ඒකක පිහිටුවා ඇති අතර, ඒ සඳහා කළාප භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්, සෞඛ්‍ය පරිපාලක, නඩත්තු කම්කරු හා කම්කරු වශයෙන් නිලධාරින්  හා සේවකයින් යොදවා ඇත.

මෙම ඒකකය 2012 වර්ෂයේදි ආරම්භ කර ඇත. කීරික්කුලම පොහොර ඒකකය මගින් නගරයෙන් එකතු කරනු ලබන කාබනික පොහොර බවට පත්කල හැකි කසළ අපද්‍රව්‍ය කීරික්කුලම පොහොර ඒකකය වෙත ගෙනයනු ලැබේ. මෙම ඒකකය මගින් වාර්ෂික කාබනික පොහොර ටොන් 180 ක් පමණ නිපදවන අතර, එමගින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 15 ක පමණ ආදායමක් උපයනු ලැබේ.   

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ මහා නගර සභා බල සීමාව තුළ පොදු සුසාන භුමි 02 ක් පවත්වාගෙන යනු ලැබේ.

  • නිසල නිම්නය පොදු සුසාන භුමිය
  • තිසාවැව පොදු සුසාන භුමිය

මෙම පොදු සුසාන භුමි තුළ භුමදාන, තැන්පත් හා ආදාහන කටයුතු මෙන්ම භෂ්මාවශේෂ තැනපත් කර ස්මාරක තැනිමේ සේවාවන් ලබාදිම සිදුකෙරේ. ආදාහන කටයුතු සිදුකරනු ලබන්නේ නිසල නිම්නය පොදු සුසාන භුමියේ පමණි.

තවද පළාත තුළ මෙන්ම වෙනත් පළාත් තුළද  2020 / 2021 වර්ෂයේදි කොවිඩ් වෛසරස ආසාදිතව මරණයට පත්වුවන් ආදාහනය කිරිම නිසල නිම්නය පොදු සුසාන භුමියේදි සිදුකරන ලදි. එහිදි දිනකදි සිදුකරන ආදාහන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකිරිමටද සිදුවිය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ හරිශ්චන්ද්‍ර ක්‍රිඩා භුමිය තුළ පශු වෛද්‍ය ඒකකය ස්ථාපිත කර ඇති අතර, එහි කටයුතු භාරව පශු වෛද්‍යවරයෙකු පත් කර ඇත. මෙම ඒකකය මගින්,

  • අයාලේ යන ගවයින් ඇල්ලිම
  • සුනඛ එන්නත්කරණය හා වන්ද්‍යාකරණය
  • රෝගී සතුන්හට ප්‍රතිකාර කිරිම

සේවක සංඛ්‍යාව                       –           පශු වෛද්‍ය නිලධාරි                 –           01

                                                            කළමනාකරණ සහකාර                       –           01

                                                            කාර්යාල කාර්ය සහායක          –           01

මෙම ඒකකය මගින් අයාලේ යන සුනඛයින් එනනත්කරණය හා වන්ද්‍යාකරණය සිදුකිරිමේදි වෙනත් සම්පත්දායකයින් සම්බන්ධ කරගෙනද වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

සෞඛ්‍ය මධ්‍යස්ථාන 2019 වර්ෂයේදි ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථානය මගින් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම සමනදායි මිලක් යටතේ වෛද්‍ය රසායනාගාර පරික්ෂණ සිදුකරනු ලැබේ. මෙම මධ්‍යස්ථානය මගින් පහත සඳහන් රසායනාගාර පරික්ෂණ සිදුකරනු ලැබේ.  සෑම සතියක සදුදා/බදාදා/සිකුරාදා යන දිනයන්හි දි වෛද්‍යවරයෙකුගේ සේවාව ලබාදිමට කටයුතු සළසා ඇත. එමෙන්ම රෝගින්හට ඖෂධ ලබාදිමටද අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එමගින් ඒ අවට රෝගින් වෙත විශාල සහනයක් සැලසි ඇත.

03


04. නාගරික මුදල් දෙපාර්තමේන්තුව   

නාගරික ගණකාධිකාරී

ජේ.ජේ.රාජකරුණා
ගණකාධිකාරී

මහනගර සභාවට ලැබිය යුතු මුදල්, නාගරික අරමුදලින් ආදායම් හා වියදම් ඇතුළු ආයතනයේ සියලුම මුල්‍ය කටයුතු නාගරික ගණකාධිකාරීවරයා යටතේ පවතින නාගරික මුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

නාගරික මුදල් දෙපාර්තමේන්තුවට අයත් අංශ