අනු අංකය | පාඨමාලාවේ නම | කාල සීමාව | පාඨමාලා ගාස්තු | |
පූර්ණ ශිෂ්‍යත්ව | බාහිර සිසුන් | |||
01 | Microsoft Office | මාස 10 | නොමිලේ | 6000.00 |
02 | Microsoft Office KIDS | මාස 10 | නොමිලේ | 3000.00 |
03 | Graphic Design | මාස 10 | නොමිලේ | 6000.00 |
04 | Hardware and Networking | මාස 10 | නොමිලේ | 4500.00 |
බඳවා ගැනීමේ ක්‍රමවේදය
- මහා නගර සභා කාර්යාලයෙන් හෝ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් අයදුම්පත්‍ර ලබා ගත හැක.
- විධිමත්ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය මහා නගර සභා කාර්යාලයට හෝ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත දිය යුතුය.
- පාඨමාලා සඳහා තෝරා ගැනීමෙන් අනතුරුව පාඨමාලා ගාස්තු එකවර හෝ කොටස් වශයෙන් ගෙවිය හැකිය.
පූර්ණ ශිෂ්‍යත්ව හෝ අර්ධ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීම.
- මහා නගර සභා සීමාවේ පදිංචිකරුවෙකු මෙන්ම අඩු ආදායම්ලාභී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් පූර්ණ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකිය.
- ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කරන අයදුම්පත සම්පූර්ණ කර කොට්ඨාශභාර මන්ත්‍රීතුමා/ තුමියගේ නිර්දේශය සහිතව නගරාධිපතිතුමා / නාගරික කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතු ය.
විවෘත වේලාව – උදේ 7.00 සිට ප.ව 6.00 දක්වා
ඉහළ බාලාංශය – (වයස අවුරුදු 04 සිට 05 දක්වා)
ඇමතුම් – 025 – 3021026
වයස් කාණ්ඩය අවුරුදු | මාසික ගාස්තුව රුපියල් | වරුවක් සඳහා මාසික ගාස්තුව රු |
01සිට 03 | 4000.00 | (වයස් සීමාව අනුව වෙනස් වේ.) |
04 සිට 05 | 3000.00 | 2500.00 |
05 ට වැඩි | 3000.00 | 2500.00 |
දුරකථන අංක 025-3021026
දිවාසුරැකම් මධ්‍යස්ථාන ප්‍රධාන පාලිකා
0253021026
අවශ්‍ය ලේඛන
- අනුමත මිනින්දොරු සැලසුමේ ඡායා පිටපත
- ඉල්ලීමේ ලිපිය
- නොපවරා ගැනීමේ සහතිකය. (නොපවරා ගැනීමේ සහතිකය නොමැති නම් අවසන් වරට වරිපනම් ගෙවු රිසිට්පත)
වීථි රේඛා සහතික ගාස්තුව – රු 500.00 ( රජය විසින් පනවනු ලබන VAT ඉහත ගාස්තුවට එකතු වේ.)
දුරකථන අංක 025-2222275 / 025-2222052
වාහනය වෙන් කරවා ගැනීමේදී පහත සදහන් ලිපි ලේඛණ පාරිභෝගිකයා විසින් සම්පුර්ණ කර ගත යුතුයි.
- අවශ්‍ය පැය ගණන සඳහන් කර ඉල්ලීම් ලිපිය ලබා දීම.
- ඉල්ලීම අනුමත කිරීමෙන් පසු පැය ගණනට විෂය ලිපිකරු විසින් ලබාදෙන රිසිට් පතෙහි ඇති අගය මුදල් දෙපාර්තමේන්තුවට ගෙවා ලැබෙන ලදුපත විෂය ලිපිකරු වෙත යොමු කළ යුතු යි
- නිර්දේශිත පැය ගණනට වඩා වැඩිවන සෑම පැය 01 කටම ගාස්තු ගෙවීම අනිවාර්යය වේ
අනු අංකය | යන්ත්‍රය | කාලය | කුලියට ලබා දීමේ ගාස්තුව රු. |
01 | J.C.B යන්ත්‍රය | පැය 01 | රු.3500.00 |
02 | ගල් රෝල | පැය 04 | රු 10,000.00 |
03 | සකායි රෝල | පැය 01 | රු 883.24 |
04 | මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය | පැය 01 | රු 5500.00 |
05 | GI-4913ගල් රෝල පටවාගෙන යාම සදහා තට්ටුව ලබාදීම | මුදල + රදවා ගැනීම | රු 2000.00 |
06 | තණකොළ කපන ට්‍රැක්ටර් යන්ත්‍රය | පැය 01 | රු 2000.00 |
ජල ධාරිතාවය ලීටර් 3600 ට්‍රැක්ටර් ජල බවුසරය කුලියට දීමේ ගාස්තු
කිලෝ මීටර් 01 ක් සදහා | රු 150.00 |
ජලය සදහා රුපියල් | රු 600.00 |
මුදල | රු 750.00 |
ජල ධාරිතාවය ලීටර් 8000 අංක 227 – 3186 ජල බවුසරය කුලියට දිමේ ගාස්තු
පළමු කිලෝ මීටර් 10 සදහා | රු 2000.00 |
අතිරේක කිලෝ මිටර් 01 ක් සදහා | රු 100.00 |
ජලය ලබා දීම සදහා | රු 1500.00 |
ගිලන් රථය කුලියට දීමේ ගාස්තු
ස්ථාවර ගාස්තු | රු 300.00 |
රදවා ගැනීමේ ගාස්තු | රු 2000.00 |
කිලෝ මීටර් 01 සදහා | රු 30.00 |
( රජය විසින් පනවනු ලබන VAT සහ ඉහත ගාස්තු සියල්ලක් සඳහාම එකතු වේ.)
දුරකථන අංක 025-2222275 / 025-2222052
- මහා නගර සභාවේ විමසීම් අංශයෙන් ලබා ගන්නා අයදුම් පත්‍රය සම්පූර්ණ කර අදාල වරිපනම් කලාපභාර ආදායම් පරික්ෂක මගින් නිර්දේශ කිරිම
- සම්පූර්ණ කර නිර්දේශ කරන ලද අයදුම්පත
ගාස්තු – රු.500 .00 (රජය විසින් පනවනු ලබන VAT ගාස්තු එකතු වේ)
මුදල් ගෙවීමෙන් පසු එම අවස්ථාවේදීම නොපවරා ගැනිමේ සහතිකය ලබා ගත හැකිය
දුරකථන අංක 025-2222275 / 025-2222052
ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර ආයතන ප්‍රධානීගේ අනුමැතිය ලබා ගැනිම
- නියමිත ගාස්තු ගෙවීම
- මුදල් ගෙවු ලදුපත විෂය ලිපිකරුට ලබාදුන් පසු අදාල දිනයන් වෙන් කර ලිපියක් නිකුත් කරනු ලැබේ
අවශ්‍යතාවය | අංක 2 ප්‍රජා ශාලාව මුදල රු. | අංක 5 පුබුදුපුර ප්‍රජා ශාලාව මුදල රු. |
වාණිජ කටයුතු සදහා ශාලාව පමණක් දිනකට | 10,000.00 | වාණිජ කටයුතු සදහා දිනකට 2,000.00 |
වාණිජ කටයුතු සදහා පිටත පමණක් දිනකට | 5,000.00 | පොදු කටයුතු සදහා දිනකට 1,000.00 |
වාණිජ කටයුතු සදහා භූමිය දිනකට | 3,500.00 | වාණිජ හෝ පොදු කටයුතු සදහා පැයකට 200.00 |
පොදු කටයුතු සදහා ශාලාව පමණක් දිනකට | 3,000.00 | – |
පොදු කටයුතු සදහා ඉදිරිපස භූමිය පමණක් දිනකට | 2,000.00 | – |
රැස්වීම් සදහා ඉදිරිපස භූමිය පමණක් දිනකට | 2,000.00 | – |
රැස්වීම් සදහා ශාලාව පුටු සහිතව දිනකට | 2,500.00 | – |
පැය 01 ට ශාලාව වෙන් කිරීම | 300.00 | – |
විදුලිය සඳහා දිනකට | 300.00 | 300.00 |
පොදු ස්ථානවල රැස්වීම් සඳහා | 500.00 | – |
සම්පූර්ණ කර නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කර දින 07 ක් තුළ ඔබගේ අවශ්‍යතාවය ඉටු කළ හැකිය
දුරකථන අංක 025-2222275 / 025-2222052
මහ නගර සභා අධිකාරිය යටතේ බලපත්‍ර ලබාදිය හැකි කර්මාන්ත වෙනුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර නගර සභාවෙන් ලබා ගත යුතුය.
සම්පූර්ණ කරන ලද අයදුම් පත සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- අදාල ඉඩමේ ඔප්පුව හෝ අයිතිය සනාථ කෙරෙන ලියවිල්ලක්
- ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපත
- ගොඩනැගිලි සැලැස්මේ අනුමැතියක් හෝ අනුකූලතා සහතිකයේ පිටපතක්
- වෙළද බලපත්‍රයේ පිටපත
- පාරිසරික නිර්දේශ ලිපියේ පිටපත
- පිඹුරේ පිටපත
- ප්‍රතිකර්ම පද්ධතියේ පිටපත.
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය
- වනජීවි දෙපාර්තමේන්තුවේ නිර්දේශය
- පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය
- ස්ථානයට ලගාවීමේ දළ මාර්ග සටහන (අතින් ඇද)
මුලික ආයෝජනය | ගාස්තු |
රු. 25,000.00 හෝ ඊට අඩු | රු. 3000.00 |
රු. 25,000.00 -200,000.00 | රු. 3750.00 |
රු.500,000 – 1,000,000.00 | රු. 5000.00 |
රු.1,000.000.00 ට වැඩි | රු. 10,000.00 |
- මෙම මුදල සඳහා රජයේ අනුමත බදු මුදල් ඇතුලත් වනු ඇත. VAT බදු මුදල් එකතු වනු ඇත.
- පරික්ෂණ ගාස්තු ගෙවා ලබා ගත් ලදුපත, සම්පූර්ණ කළ අයදුම් පත , අදාල තොරතුරු සමග නාගරික පරිසර තාක්ෂණික ප්‍රගති සමාලෝචන කමිටුවට ඉදිරිපත් කළ යුතු වන අතර, අනුමත වූ අයදුම්පත සඳහා රු. 4000 / බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු බලපත්‍රය ලබා ගත හැකිය .
පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම
- ලබාගත් බලපත්‍රය අවලංගුවීමට මාස 03 කට පෙර ඉල්ලුම් කළ යුතුය
- අයදුම්පත් නගර සභාව මගින් ලබාගත යුතුය
- කමිටු නිර්දේශයෙන් පසු අයදුම් පත්‍ර ගාස්තු රු. 4000/ ගෙවා බලපත්‍රය ලබාගත හැකිය
ගස් අතු ඉවත් කිරිම හා ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමට අයදුම්පත්‍රයක් මහ නගර සභාව වෙත පැමිණ පුරවා අදාල කොට්ඨාශභාර සෞඛ්‍ය පරිපාලක වෙත හෝ මහ නගර සභාවට භාර දිය යුතුය.
අදාල අයදුම්පත පුරවා සෞඛ්‍ය පරිපාලක විසින් ප්‍රමාණයන් සටහන් කිරීමෙන් පසු නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතුය
ගෙවීම් කිරිම
ගස් අතු ට්‍රැක්ටර ලෝඩ් එකක් සඳහා | රු. 1000.00 |
ගොඩනැගිලි ට්‍රැක්ටර ලෝඩ් එකක් සඳහා | රු. 1500.00 |
දුරකථන අංක 025-2222275 / 025-2222052
පසුභාවිත ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය කිරීම හා එමගින් නගර සභාව වෙත අමතර ආදායම් උත්පාදනය කිරීම
දුරකථන අංක 025-2222275 / 025-2222052
- මහජනයාගෙන් ලැබෙන පැමිණිලි වර්ගීකරණය කිරිම
- ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්හට බෙදා දී පරික්ෂණ වාර්තාවක් ලබා ගැනීම
- දින 7 හෝ 14 තුළ පැමිණිල්ල නිරාකරණය කිරිමට කටයුතු කිරිම
- පැමිණිල්ල නිරාකරණය සිදු නොවුනහොත් මහ නගර සභා ආඥා
- පනත අනුව නඩු පැවැරීමට කටයුතු කිරිම
දුරකථන අංක 025-2222275 / 025-2222052
- පාසල් දරුවන්ගේ උස, බර හා ඇස් පරික්ෂා කිරීම
- ඇස් පෙනීම දුර්වල දරුවන් ඇස් කණ්නාඩි සඳහා යොමු කිරීම
- දරුවන්ගේ මිටි බව, කෘෂ බව, අධිබර බව හා ස්ථූල බව හදුනාගෙන ඔවුන් වෛද්‍යවරුන් වෙත යොමු කර පෝෂණ උපදෙස් ලබා දිම
- තැලසීමියා රෝගි දරුවන් හදුනාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරිම.
- රෝගී දරුවන් හදුනාගෙන ඔවුන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අදාල සායන වෙත යොමු කිරිම
- සියළුම වයස අවු 12 සම්පූර්ණ වූ පාසල් දරුවන් හා පිරිවෙන්වල හිමිවරුන් සඳහා වැඩිහිටි පිටගැස්ම එන්නත ලබා දිම
- පාසල්වල ගැහැණු දරුවන් සඳහා ගැබ්ගෙල පිළිකා වලක්වන එන්නත ලබා දීම
නගර සභා බල ප්‍රදේශය තුළ පවත්නා රජයේ සහ පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් ආදියෙහි මෙම සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වේ. අදාල කාලසිමාවන් වලදි පාසල් සිසුන්ට ලබාදිය යුතු එන්නත් ලබාදිම මෙමගින් සිසුකෙරේ. මෙම වැඩසටහන සඳහා පාසල් 16 ක් හා පිරිවෙන් 04 ඇතුළත්ය.
අනු අංකය | පාසල | |
01 | මධ්‍ය විද්‍යාලය | |
02 | වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහල | |
03 | ස්වර්ණපාලි බාලිකා විදුහල | |
04 | නිවන්තක චේතිය විදුහල | |
05 | ශාන්ත ජෝශප් විද්‍යාලය | |
06 | කේ.බී.රත්නායක විදුහල | |
07 | ඩි.එස්.සේනානායක විදුහල | |
08 | මහින්ද ප්‍රාථමික විදුහල | |
09 | සිරි දිපානන්ද විදුහල | |
10 | මහා බෝධි විදුහල | |
11 | ශ්‍රි රාහුල විදුහල | |
12 | ලයිසියම් විදුහල | |
13 | සසෙක්ස් විදුහල | |
14 | විවේකානන්ද දෙමළ විදුහල | |
15 | සහිරා විදුහල | |
16 | රියන්සි අගලියවන්න විදුහල | |
17 | සාරානන්ද පිරිවෙන | |
18 | මහින්ද පිරිවෙන | |
19 | මහාවිහාර පිරිවෙන | |
20 | වීරක්කොඩි පිරිවෙන |
පසුගිය වර්ෂයේ (2021) වැඩි දින ගණනක් පාසල් වසා තැබිම හේතුවෙන් පාසල් එන්නත්කරණ කටයතු නියමිත කාලවකවානු තුළදි සිදුකිරිමට හැකියාවක් නොතිබු අතර, ලැබුණු අවස්ථාවන්හිදි පාසල් ගුරුවරුන් දැනුවත් කිරිම මගින් පාසලෙන් පරිබාහිරව එන්නත්කරණ කටයුතු සිදුකළද සමහර දරුවන්හට සන්නිවේදන නිසි පරිදි සිදුනොවිම වැනි කරුණු හේතුවෙන් එම දරුවන්හට 2022 වර්ෂයේ මුල් කාර්තුවෙහි එන්නත්කරණ කටයුතු සිදුකර එන්නත් ප්‍රතිශගත 100% දක්වා ඉහළ නැංවිමට කටයුතු කළ යුතුය.
2022 වසරේදි සිදුකිරිමට යෝජිත පාසල් සෞඛ්‍ය වැඩසටහන් සම්බන්ධ තොරතරු පහත පරිදි ඉදිරිපත් කරමි. මේ වන විට පළමු කාර්තුවෙහි පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ 2022.03.14 සහ 15 දෙදින අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා පාසලෙහි 1 වසර, 4 වසර ළමුන් වෛද්‍ය පරික්ෂණය සඳහාත් 6 සහ 7 වසරවල සිසුවියන් එන්නත්කරණය සඳහාද යොමු කර ඇත.
දුරකථන අංක 025-2222275 / 025-2222052
විවෘත වේලාව – උදේ 7.00 සිට ප.ව 6.00 දක්වා
ඉහළ බාලාංශය – (වයස අවුරුදු 04 සිට 05 දක්වා)
මාසික ගාස්තුව රුපියල් 2000.00
- බඳවා ගැනීමේදි ගාස්තුව ළමයෙකු මුල්වරට ඇතුලත් කිරීමේදි පමණක් රු.1000.00 ක් අය වේ.
- ළමුන් සඳහා පළමු වසරේදි නිල ඇදුම නොමිළයේ මහා නගර සභාව මඟින් ලබා දේ.
දුරකථන අංක 025-3134870
පී.ඩබ්.ඒ සංජීවනි උදිතා
පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධාන පාලිකා
අවශ්‍ය ලේඛන
- ඔප්පුව සමග පත්ඉරු
- අනුමත මිනින්දෝරු සැලසුමේ ඡායා පිටපත.
- ගොඩනැගිලි සැලසුම් පිටපත් දෙකක්
- යෝජිත ඉඩම පරික්ෂා කිරිමට මාර්ග සටහන.
- වරිපනම් ගෙවු රිසිටිපත.
ප්‍රමාණය වර්ග අඩි | වර්ග මීටර් | ගොඩනැගිලි සදහා | |
රු.නේවාසික | රු.ව්‍යාපාරික | ||
500 දක්වා | 45 | 500 | 1000 |
501-1000 දක්වා | 45-90 | 1500 | 2000 |
1001-2000 දක්වා | 90-180 | 2500 | 3000 |
2001-3000 දක්වා | 181-270 | 3500 | 4000 |
3001-5000 දක්වා | 271-450 | 4500 | 6000 |
5001-7500 දක්වා | 451-675 | 5500 | 8000 |
7501-10000 දක්වා | 676-900 | 6500 | 10000 |
10001-13200 දක්වා | 901-1225 | 7500 | 12000 |
13200 ට වැඩි | 1225 වැඩි | 7500 | 12000 |
ව.අ. 13200 ඉක්මවීමෙන් පසු සෑම ව.අ. 1000ක් සදහාම | ව.මී 1226 ඉක්මවීමෙන් පසු සෑම ව.මී 90ක් සදහාම | 1000 | 1250 |
සැලකිය යුතුයි – වර්ග අඩි 4000.00 වඩා වැඩි ගොඩනැගිලි අයදුම්පත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත යොමු කළ යුතු ය
දුරකථන අංක 025-2222275 / 025-2222052
අනුකුලතා සහතික ගාස්තු රු.3000.00 වර්ග මීටර 300 කට වැඩි වන සෑම මීටරයක් සඳහාම රු. 100 බැගින් අය කරනු ලැබේ. (VAT ඇතුලත් වේ.)
නේවාසික ඉදි කිරිම් අනුමත අනුකූලතා සහතික නිකුත් කිරීමේ ගාස්තු | 01. ව.මි.300ට අඩු රු.3000ක් සහ ඊට වැඩිවන සෑම ව.මි.1 කට රු.10.00 බැගින් |
නේවාසික ඉදි කිරිම් අනුමත අනුකූලතා සහතික නිකුත් කිරීමේ ගාස්තු | 02. ව.මි. 100ට අඩු රු.3000ක් සහ ඊට වැඩිවන සෑම ව.මී. 1 කට රු 20.00 බැගින් |
අනුකූලතා සහතිකය ලබා දෙන කොටස් අනුව ගාස්තු වෙනස් වේ.
මහා නගර සභාවේ ලියාපදිංචි සැලසුම් ශිල්පීයා විසින් අයදුම්පත සම්පුර්ණ කර භාරදීම. අනුමත ගාස්තු ගෙවු රිසිට් පත විෂය ලිපිකරු වෙත භාරදීම. සැලසුම් ශිල්පීන් ගාස්තු – රු 50.00
(රජය විසින් පනවනු ලබන VAT ඉහත ගාස්තුවට එකතු වේ.)
දුරකථන අංක 025-2222275 / 025-2222052
මහ නගර සභා බල ප්‍රදේශය තුළ යම් අයෙකු විසින් පවත්වාගෙන යනු ලබන වෙළද ආයතනයක් සඳහා වෙළද බලපත්‍රයක් ලබා ගත යුතු වේ.
- මහා නගර සභාවේ විමසීම් අංශයෙන් ලබා ගන්නා අයදුම් පත්‍රය සම්පූර්ණ කර අදාල වරිපනම් කලාපභාර ආදායම් පරික්ෂක මගින් නිර්දේශ කිරිම
- සම්පූර්ණ කර නිර්දේශ කරන ලද අයදුම්පත
- බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කෙරේ
- අයදුම්පත නිර්දේශ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂක , නාගරික ගිණි නිවීමේ ඒකකයේ හා නාගරික ගණකාධිකාරිගේ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලේ අනුකූලතා සහතිකය නිර්දේශයන්ට යොමු කිරීමෙන් අනතුරුව නාගරික කොමසාරිස්තුමාගේ අනුමැතිය යටතේ අදාල බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
දුරකථන අංක 025-2222275 / 025-2222052
- ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර ආයතන ප්‍රධානීගේ අනුමැතිය ලබා ගැනිම
- නියමිත ගාස්තු ගෙවීම
- මුදල් ගෙවු ලදුපත විෂය ලිපිකරුට ලබාදුන් පසු අදාල දිනයන් වෙන් කර ලිපියක් නිකුත් කරනු ලැබේ. (ඉල්ලීම් කල දින තුළම වෙන්කර ගත හැකිය) ගෙවීම් කිරීම
සම්පූර්ණ කර නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කර දින 07 ක් තුළ ඔබගේ අවශ්‍යතාවය ඉටු කළ හැකිය
දුරකථන අංක 025-2222275 / 025-2222052
- මහා නගර සභාවේ විමසීම් අංශයෙන් ලබා ගන්නා අයදුම් පත්‍රය සම්පූර්ණකර මුදල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
- සම්පූර්ණ කර නිර්දේශ කරන ලද අයදුම්පත ගාස්තු ගෙවීම් සඳහා මුදල් කවුළුවට යොමු කිරීම
- මුදල් ගෙවීමෙන් පසු විෂය ලිපිකරුගෙන් බැනර්/කටවුට් ප්‍රමාණයට ස්ටිකර් ලබා ගැනීම (මෙම ස්ටිකර් ප්‍රදර්ශනය කරන බැනර් /කටවුට්වල ඇලවිය යුතුය)
- 4. දැන්වීම් පුවරුවේ දෙපසම දැන්වීම් සඳහා යොදා ගන්නේ නම් දෙපසටම මුදල් අය කරනු ලැබේ.
දුරකථන අංක 025-2222275 / 025-2222052
• දුරකථනයෙන් හෝ පැමිණ අවශ්‍ය දිනය හා වෙලාව වෙන් කර ගත හැකිය.
• දුරකථනයෙන් හෝ පැමිණ අවශ්‍ය දිනය හා වෙලාව වෙන් කර ගත හැකිය.
පෙ.ව. 1.30 |
ප.ව. 3.00 |
ප.ව. 6.00 |
ප.ව. 7.30 විශේෂ අවසරයක් මත වෙන් කරවා ගත හැක |
ලබාගත් අයදුම්පත හා ගිවිසුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.
මේ සමඟ මරණය සනාථ කිරිම සඳහා රෝහලෙන් මෘත දේහය බැහැර ගෙනයාම සඳහා දෙනු ලබන අවසර පත්‍රය /මරණසහතිකය / මරණයට හේතුව සනාථ කළ ග්‍රාම නිලධාරි සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.
- හදිසි අනතුරකින් සිදු වූ මරණයක් ආදාහනය කිරීම සඳහා යොමු නොකෙරේ
- ස්මාරක ඉදිකිරීමට අදහස් කරන්නේ නම් කුඩා ප්‍රමාණයේ මුට්ටියක් හා නම සඳහන් රෙදි කැබැල්ලක් ලබාදිය යුතුය.
- අදාහනයෙන් දින 14 ක් තුළ භෂ්මාවශේෂ ඉවත් කර ගත යුතුය
තෝරා ගත් වෙලාව අනුව අදාල ගාස්තුව ගෙවිය යුතුය
ගාස්තු ගෙවීමෙන් පසු නිකුත් කරන බලපත්‍රය සහිතව, නියමිත වෙලාවට මෘත දේහය නිසල නිම්නය වෙත භාර දිය යුතු වේ.
භූමදානය කිරීම
- ලබාගත් අයදුම්පත හා ගිවිසුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.
- මේ සමග මරණය සනාථ කිරිම සඳහා රෝහලෙන් මෘත දේහය බැහැර ගෙනයාම සඳහා දෙනු ලබන අවසර පත්‍රය/මරණ සහතිකය / මරණ යට හේතුව සනාථ කළ ග්‍රාම නිලධාරි සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.
ඉහත ලියකියවිලි සමඟ ස්මාරකයේ සැළැස්ම පිටපත් 03 කින් ලබාදිය යුතුය
- නිසල නිම්නය /තිසා වැව පොදු සුසාන භූමිය තුළ මෘත දේහයක් සමග සහභාගිවන 165 දෙනෙකු සඳහා නෙස්කැෆේ බීම ලබාදේ
- සෑම වර්ෂයකම මිය ගිය ඥාතීන් සිහිකිරීම සඳහා සැප්තැම්බර් මාසයේ පුර පසලොස්වක පොහෝ දිනකම පිං පැමිණවීමේ උත්සවයක් පැවැත්වේ
මෙම අය කිරීම් සඳහා රජයේ VAT බදු මුදල් එකතු වනු ඇත
දුරකථන අංක 025-2222275 / 025-2222052
එස්.සී.පී වැලිවත්ත
ආදාහනාගාර භාරකරු
025-2052854
මහ නගර සභා කාබනික පොහොර අලෙවි සැළෙන් හෝ කීරික්කුලම පිළිසරු ව්‍යාපෘතිය මගින් ලබා ගැත හැක.
ඩබ් .පුෂ්පා සෙනෙවිරත්න
වැඩ පරීක්ෂක
- ලියාපදිංචිය සඳහා සුදුසු බව හෝ නොසුදුසු බව සනාථ කිරිම සඳහා ප්‍රාදේශිය ලේකම්වරයාගේ ලිපිය ලබා ගැනීම
- ඉල්ලීමේ ලිපිය ලැබු පසු කොට්ඨාශභාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම
- කොට්ඨාශභාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිර්දේශය ලබා ගැනීම.
- එම නිර්දේශය සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිර්දේශය ලබා ගැනීම
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සුදුසු බව ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍යවරයාගේ හෝ නාගරික කොමසාරිස්ගේ නිර්දේශය සහිතව ප්‍රාදේශිය ලේකම් වෙත ලිපිය නිකුත් කිරීම
දුරකථන අංක 025-2222275 / 025-2222052
- මදුරු ගහනය පාලනය කිරීම
- මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන්, ශ්‍රමදාන පැවැත්වීම.
- ආයතවල ධූමායන කටයුතු සිදු කිරීම
- තහවුරු කළ රෝගීන් සම්බන්ධව අදාල ප්‍රදේශ කීට විද්‍යා සමීක්ෂණ හා පරික්ෂා කිරීම
මදුරුවන් මඟින් බෝවන රෝග රාශියක් ඇතත් අනුරාධපුර මහා නගර සභා සීමාව තුළ දැනට වාර්තා වන්නේ ඩෙංගු රෝගය පමණි. මෙහිදි රෝගය පතුරුවන Aedes aegypti හා Aedes Albopictus මදුරුවාහකයින් අතුරින් Aedes aegypti විශේෂය නාගරික වසංගත තත්ත්වයෙන් රෝගය පැතිරිමට විශේෂයෙන් ඉවහල්වන අතර, බාහිර පරිසරයේ මෙන්ම නිවාස/ආයතන අභ්‍යන්තරයේද සුදුසු ජලය රැඳි ඇති ස්ථානවල බෝවීම සිදුවේ. නව බස්නැවතුම්පල අවට ප්‍රදේශය, රත්නායකපුර හා නගර සභා නිවාස ප්‍රදේශය නගර සභා සිමාව තුල අධි අවදානම් කළාප වශයෙන් 2017 වර්ෂයේ සිට හඳුනාගෙන ඇත.
එසේම රෝග වාහකයන් නොවුවත් Armigerous opturbuns, culex quinquefasciatus වැනි මදුරු විශේෂ නාගරික සීමාව පුරාම විශාල ගහණයක් සහිතව සිටිම මහත් පිඩාකාරි තත්ත්වයක් නිර්මාණය කර ඇත. මෙම මදුරු විශේෂ සිදුරු සහිත හෝ කඩා වැටුණූ පුතීක වළවල්, පල්වු ජලය රැදි අබලන් කාණූ පද්ධති සහ වෙනත් අපජලය රැදි ස්ථානවල බහුලව බෝවිම සිදුවේ. ගෘහස්ථ අපජලය සෞඛ්‍ය ක්‍රමානුකූලව බැහැර කිරිම ප්‍රශ්නගත තත්ත්වයක පවතින අතර බොහෝ පිරිස් අපජලය බැහැර කිරිම සඳහා මාර්ග පැතිකාණූ සහ විවෘත භුමිය භාවිතා කරයි. එසේම රජයේ දෙපාර්තමේන්තු සතුව විශාල නිල නිවාස ප්‍රමාණයක් පවතින අතර, මේවායේ දුර්වල අපජල කළමනාකරණය සහ අබලන් පුතීක ටැංකි මදුරුවන් බෝවිමට විශාල දායකත්වයක් දක්වයි. සමහර රාජ්‍ය හා පෞද්ගලික ආයතනද මේ වගකිව යුතුය.
එබැවින් ඩෙංගු රෝගය පාලනය කිරිමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිම මෙන්ම මදුරු දෂ්ඨණයෙන් වන පීඩාකාරි තත්ත්වයෙන් මිදිම සඳහා ප්‍රජාව පෙළඹවිම, මහා නගර සභාවේ සෘජු මැදිහත්විම තුළින් පොදු කාණූ පද්ධතිය නිවැරදි කිරිම හා පවිත්‍රව තබාගැනිම, පොදු බෝවන ස්ථාන ලේඛනගත කිරිම හා අවශ්‍ය ස්ථාන සඳහා කීට නාශක යෙදිම හෝ කීට භක්ෂක මසුන් යෙදිම මෙන්ම වගකිම් පැහැරහරින්නන් සඳහා අප්‍රමාදව නීතිය ක්‍රියාත්මක කිරිමත් කාලීන අවශ්‍යතාවක් බව සඳහන් කරමු.
දුරකථන අංක 025-2222275 / 025-2222052
අනුරාධපුර මහජන පුස්තකාලය අනුරාධපුර මහා නගර සභාව අසල පිහිටා ඇත.මහජන පුස්තකාලය මගින් නගරවාසීන්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට අවශ්‍ය සේවා සපයනු ලැබේ.පුස්තකාලය අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන අංශ කිහිපයකින් සමන්විත වේ.
විවෘතව තබන වේලාවන්.
- සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.5.00 දක්වා)
- බැහැර දෙන අංශය පෙ.ව.08.30 සිට ප.ව. 04.45 දක්වා සෑම මසකම අවසාන සිකුරාදා දින පාඨකයින් සඳහා පුස්තකාලය විවෘත නොකෙරේ.
- සෑම මසකම අවසාන සිකුරාදා දින පාඨකයින් සඳහා පුස්තකාලය විවෘත නොකෙරේ.
සාමාන්‍ය සාමාජිකත්වය.
මහා නගර සභා පාලන සීමාව තුළ පදිංචිකරුවන් වන්නාවූ හෝ කාර්යාලයක හෝ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නාවු තැනැත්තෙක් හෝ අධ්‍යාපන ආයතනයක කාර්ය මණ්ඩලයේ කෙනෙකු පුස්තකාලය වෙත රුපියල් 50.00 ක ගාස්තුවක් ගෙවීමෙන් පසු පොත් බැහැර දෙන අංශයේ සාමාජිකත්වය පිරිනමනු ලැබේ.
පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින් සාමාජිකත්වය ලබා ගැනීමේදී ඔහු හෝ ඇය පාසැල් ශීෂ්‍ය ශිෂ්‍යාවක් බවට විදුහල්පතිවරයා විසින් තම නිල මුද්‍රාව තබා සහතික කොට ඇති කල්හි පමණක් සාමාජික ගාස්තු රු.25.00 ක් ගෙවිය යුතු ය. එසේම ඔවුන්ද ඇප කරුවෙකු ඉදිරිපත් කළ යුතු ය. නැවත ගාස්තු ගෙවා සෑම වසරකම සාමාජිකත්වය අලුත් කරවා ගත යුතුය.
කේ.පී.අයි සමතපාල මිය
ප්‍රධාන පුස්තකාලයාධිපති
විශේෂ සාමාජිකත්වය.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පදිංචි සහ නගර සීමාව තුළ යම් අධ්‍යන කටයුත්තක හෝ වෙන යම් කටයුත්තක හෝ වෙන යම් සේවාවක යෙදෙන ඕනෑම අයෙකුගෙන් සාමාජික මුදලට අමතරව රු.1000.00 ක ඇප මුදලක් ලබා ගෙන සාමාජිකත්වය ලබා දීම සිදු කෙරේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඕනෑම පාසලක සිප් සතර හදාරන සිසු සිසුවියන්ගේ සාමාජික මුදලට අමතරව රු.500.00ක ඇප මුදලක් ලබාගෙන සාමාජිකත්වය ලබා දීම සිදු කෙරේ.
- දුරකථන අංකය – 025-2222629
- ඊ මේල් – anupubliclibray@gmail.com
· පොත් බැහැර දෙන අංශය.
නිත්‍ය සහ විමර්ශන කෘති හැරුණු විට අනෙකුත් ග්‍රන්ථ බැහැර දෙනු ලැබේ. මෙම පොත් බැහැර ගෙන යෑම සඳහා සාමාජිකත්වය ලබා ගත යුතු වේ. ඒ සඳහා සකස් කළ අයදුම්පතක් බැහැර දෙන අංශයෙන් නිකුත් කරනු ලබන අතර එය නිසි ලෙස පුරවා භාරදිය යුතු වේ. එක වරකට පොත් දෙකක් නිකුත් කරනු ලැබේ. සෑම වසරකම සාමාජිකත්වය අලුත් කිරීම කල යුතුය.
· ළමා අංශය.
වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සාමාජිකත්වය ලබා ගත හැක. ළමා අංශය මඟින් නිකුත් කරනු ලබන අයදුම්පත නිසි ලෙස පුරවා භාරදීමෙන් පසු සාමාජිකත්වය ලබා ගත යුතු වේ. එක වරකට පොත් දෙකක් බැහැරගෙන යෑමට අවසර දෙනු ලැබේ. වසරකට වරක් සාමාජිකත්වය අලුත් කරවා ගත යුතුය. ළමා සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ළමා අංශය මගින් පවත්වනු ලබන වැඩසටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.
· විමර්ශන අංශය.
- මෙම අංශය තුළ සිංහල/ ඉංග්‍රීසි හා වලිසිංහ හරිස්චන්ද්‍ර (දුර්ලභ පොත් ) ලෙස අංශ 03 ක් ක්‍රියාත්මක වේ. මෙම අංශයෙන් පොත් බැහැරගෙන යාමට අවසර දෙනු නොලැබේ.
- අධ්‍යන කටයුතු අංශය තුළ සිදු කරගත යුතු අතර, වෙනත් පොත් අංශය තුළට රැගෙන ඒමට අවසර දෙනු නොලැබේ.
- පොත් පරිශීලනයට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
· පුවත්පත් අංශය.
- භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් මිළදී ගනු ලැබේ.
- දිනපතා පරිහරණයට යොමු කරනු ලබන පුවත්පත් මාසික ගොනුවක් ලෙස ගොනු කරනු ලබන අතර, එම අංශයේදී පරිහරණය කළ හැක.
· වාර සඟරා අංශය.
භාෂා ත්‍රිත්වයෙන්ම කාලීන සඟවරා පරිශිලනය කළ හැක
· විශේෂ එකතු අංශය.
මෙම අංශය මගින් පහත තොරතුරු ලබා ගත හැක.
- 1956 සිට ගැසට් එකතුව
- 1952 සිට පනත් එකතුව
- මහා බැංකු වාර්තා සහ වෙනත් තොරතුරු සේවා
- පුවත්පත් කැපුම් සේවා (විභාග සඳහා පාඩම් මාලා සහ විශේෂ තොරතුරු)
· පරිගණක අංශය.
මෙම අංශයෙදී ලබා ගන්නා සේවාවන් සඳහා නියමිත ගාස්තු ගෙවිය යුතුය.
- අන්තර්ජාල සේවා , මුද්‍රණ පිටපත් සේවා
- ඡායා පිටපත් සේවය
- A4- රු.3.50
- A3- රු.12.00
- Legal – රු.5.00
- ID Copy- රු.5.00
- Scan and CD Write
- ව්‍යාපෘති සඳහා තොරතුරු ලබා දීම ( අන්තර්ජාලය මඟින් )
- වෙනත් – කාලීන අවශ්‍යතා අනුව
· අධ්‍යයන අංශය.
තම පොත්පත් හා සටහන් ආදිය රැගෙනවිත් අධ්‍යන කටයුතු කිරීම සඳහා පහසුකම් සපයා ඇත
· ශාඛා පුස්තකාල.
- රතනසාර පුස්තකාලය.
අනුරාධපුර මහා නගර සභා සීමාව තුළ අංක 240 තුලානෙහි රතනසාර ධර්මායතනයෙහි මෙම පුස්තකාලය පිහිටා ඇත. ඒ අවට පදිංචි ජනතාවගේ දැනුම් අවශ්‍යතා සඳහා මහා නගර සභාව මගින් මෙම පහසුකකම් ලබා දී ඇත.
සම්බන්ධ වන්න :
දු, ක . : 025-2222629
විද්‍යුත් තැපෑල : anu.publiclibrary@gmail.com
සුනාත විශ්‍රාම ශාලාවේ පවතින පහසුකම්
· බැතිමතුන් සදහා නවාතැන් ගැනීමට සියලු පහසුකම් සහිත කාමර (නාන කාමර සහිත කාමර 07, පොදු නාන කාමර සහිත කාමර 12)
- වන්දනාකරුවන් සඳහා නවාතැන් ගැනීම සඳහා ශාලා පහසුකම් පවතී (ශාලා – 09)
- ස්නානය කිරීමේ පොදු ස්ථාන හා පොදු සනීපාරක්ෂක පහසුකම් –
- දිවා / රාත්‍රී ආරක්ෂාව හා මුර සේවාවන් මගින් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ
සුනාත විශ්‍රාම ශාලාවේ ගාස්තු පිළිබඳ විස්තර. ශාලා පිළිබඳ තොරතුරු.
· ශාලා සහ කාමර සියල්ල ඇතුලත්ව සුනාත විශ්‍රාමශාලාව සම්පූර්ණ වෙන් කිරීමේ ගාස්තුව රුපියල් - 30,500.00 + 36,100.00 = රු.66,600.00
· (රජය විසින් පනවනු ලබන VAT ඉහත ගාස්තුවට එකතු වේ.)
ලිපිනය - සුනාත විශ්‍රාම ශාලාව, පූජා නගරය, අනුරාධපුර
දුරකථන අංක 025-2053975
This is located approximately 4kms from Anuradhapura town.
Parking facility is available at the circuit bungalow premises.
• දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම්
• නවාතැන් ගැනීම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත කාමර
• නවාතැන් ගනු ලබන අය සඳහා අවශ්‍ය වේ නම් පූර්වයෙන් දැනුවත් කිරීම තුලීන් ආහාර පිළියෙල කරදිය හැකිය
• නවාතැන් ගන්නා නිලධාරීන්ගේ රියදුරන් සඳහා නොමිළයේ නවාතැන් පහසුකම්.
• කිරි ආහාර හා පූජා භාණ්ඩ සකස් කර ගැනීමේ පහසුකම් පවතී.
ජේ.එස්.රසික උදයංග
සංචාරක බංගලා භාරකරු
0713868544
ලිපිනය – අනුරාධපුර මහා නගර සභා සංචාරක නිවාසය, පූජා නගරය
දුරකථන අංකය – 025-2222275 හෝ 025-2237890 අමතා වෙන් කළ හැක.
ගාස්තු පිළිබඳ විස්තර.
සම්පූර්ණ සංචාරක බංගලාව මුළුතැන්ගෙය සමග රු. 30,000
රජය විසින් පනවනු ලබන VAT ඉහත ගාස්තුවට එකතු වේ.)
දුරකථන අංක 025-2222275 / 025-2222052
අවශ්‍ය ලේඛන
- සින්නක්කර ඉඩමක් නම් ඔප්පු සමඟ පත්ඉරු අවශ්‍ය වේ.
- රජයේ ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් මගින් අයිතිය සනාථ කිරිමේ ලිපිය.
- මිනින්දෝරු මහතා විසින් ලබා දෙන 1:1000 නොඅඩු ප්‍රමාණයට අදින ලද අනුබෙදුම් සැලසුමේ මුල් පිටපත හා සහතික කරන ලද පිටපත් දෙකක්.
- මීට පෙර කට්ටි කර ඇති ඉඩමක් නම් එම අනුමත අනුබෙදුමේ ඡායා පිටපත්
- යෝජිත ඉඩම පරික්ෂා කිරිමට මාර්ග සටහන.
- වරිපනම් ගෙවු රිසිට්පත.
දුරකථන අංක 025-2222275 / 025-2222052
අවශ්‍ය ලේඛන
- අනුමත ගොඩනැගිලි සැලසුමේ අංකය හා වරිපනම් අංකය ඇතුළත් කර ඉල්ලීමේ ලිපිය.
ගොඩනැගිලි සීමා සහතික ගාස්තුව – රු. 300.00 (රජය විසින් පනවනු ලබන VAT සහ ඉහත ගාස්තුවට එකතු වේ.)
අනුමත ගාස්තු
අයදුම් පත්‍ර ගාස්තුව | – රු. 100.00 |
පරීක්ෂණ ගාස්තුව | – රු.1000.00 |
- මහා නගර සභාවේ විමසීම් අංශයෙන් ලබා ගන්නා අයදුම් පත්‍රය සම්පූර්ණ කර අදාල වරිපනම් කලාපභාර ආදායම් පරික්ෂක මගින් නිර්දේශ කිරිම
- සම්පූර්ණ කර නිර්දේශ කරන ලද අයදුම්පත
අවශ්‍ය ලේඛන
- සින්නක්කර හා බලපත්‍ර සහිත ඉඩම් සඳහා වෙන් වෙන්ව ලබා ගත යුතුය
- අයදුම්පත සමග ඇති විස්තර පත්‍රිකාව අනුව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග පහත තොරතුරු ද ඉදිරිපත් කළ යුතුය
- මහා නගර සභාවේ අනුමත නීතිඥවරයකු විසින් සම්පූර්ණ කරන ලද පෝරම
- අදාල දේපලේ ඔප්පුව හා ඡායා පිටපතක්
- අනුමත කල අනු බෙදුමක් නම් සහතික කළ පිඹුරේ පිටපතක්
- දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කළ දේපලේ ඉතිහාසය සඳහන් දේපල විස්තරය
- අදාල දේපල වෙනුවෙන් වරිපනම් ගෙවන්නේ නම් ලදුපතේ ඡායා පිටපතක් හා නව වරිපනම් අංකයක් ලබා ගැනිමට නම් දේපලෙහි මුල් වරිපනම් අංකයට අදාල තක්සේරු දැන්වීමක් හෝ මුදල් ගෙවු ලදුපතක්
- අදාල දේපලෙහි ඔප්පු / බලපත්‍ර /ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස් විසින් නිකුත් කළ අයිතිය සනාථ කිරීමේ ලියවිලි (සියළු ලේඛනවල පිටපත් නීතිඥයකු විසින් සනාථ කර සහතික කළ යුතුය)
සම්පූර්ණ කර නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කර දින 07 ක් තුළ ඔබගේ අවශ්‍යතාවය ඉටු කළ හැකිය
දුරකථන අංක 025-2222275 / 025-2222052
බදුකරු විසින් පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- උප්පැන්න සහතිකය හා ඡායා පිටපතක්
- ආසන්න වසර සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ පිටපතක්
- විවාහ සහතිකය හා ඡායා පිටපතක්
- පදිංචිය සනාථ කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය
- කලත්‍රයා මිය ගොස් ඇත්නම් මරණ සහතිකය
- ස්වාමියා /බිරිද / දරුවාගේ විරුද්ධත්වයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක්
- පවුලේ විස්තර පිළිබඳ ග්‍රාම නිලධාරි සහතිකයක්
- කඩ කාමරය පැවරීම සඳහා වන ඉල්ලීම් ලිපියට අදාල දිවුරුම් ප්‍රකාශය
පැවරුම්ලාභියා විසින් ලබාදිය යුතු ලිපි ලේඛන
- උප්පැන්න සහතිකය
- විවාහ සහතිකය
- පවුලේ විස්තර පිළිබඳ ග්‍රාම නිලධාරි සහතිකයක්
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- ආසන්න වසර සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ පිටපතක්
- කඩ කාමරය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියට අදාල දිවුරුම් ප්‍රකාශය
දුරකථන අංක 025-2222275 / 025-2222052
- අයදුම් පත්‍රය නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය.
- මාර්ග විස්තරය සහිතව අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම
- පරික්ෂණ ගාස්තු වෙනුවෙන් රු. 100/ ගෙවීම් කිරීම
- අදාල ක්ෂේත්‍ර පරික්ෂාවෙන් තහවුරු කළ පසු
අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ වැඩිහිටි ප්‍රජාවගේ හා අනෙකුත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම සදහා ලහිරු ක්‍රිඩා පිට්ටනිය අසල පිහිටි නාගරික සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් රසායානාගර පහසුකම් ලබා දීම සිදු කිරිම
පහත සදහන් පරික්ෂණ සිදු කරගත හැක
අ/අ(Serial No) | පරික්ෂණය(Examination) | |
01 | Lipid profile | |
02 | Total Cholesterol Test | |
03 | Full Blood Count | |
04 | Serum Crating | |
05 | Fasting sugar test (FBS) | |
06 | Urine test (UFR |
දුරකථන අංක 025-2057401
ජලභීතිකා කටයුතු
- දිනය, ස්ථානය හා වේලාව සඳහන් කර මහජනතාව දැනුවත් කිරීම
- අදාල දිනය තුල පැමිණෙන සියළුම සුරතල් හදුනාගෙන රෝග නිවාරණ කටයුතු සිදු කිරීම
(Tel NO; 025 2057401)
දෛනිකව පශු වෛද්‍ය කාර්යාලය තුළ ද මෙම කටයුතු සිදු කරනු ලබයි.
දුරකථන අංක 025-8661955
අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ වැඩිහිටි ප්‍රජාවගේ හා අනෙකුත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම සදහා ලහිරු ක්‍රිඩා පිට්ටනිය අසල පිහිටි නාගරික සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් රසායානාගර පහසුකම් ලබා දීම සිදු කිරිම
පහත සදහන් පරික්ෂණ සිදු කරගත හැක
අ/අ(Serial No) | පරික්ෂණය(Examination) | |
01 | Lipid profile | |
02 | Total Cholesterol Test | |
03 | Full Blood Count | |
04 | Serum Crating | |
05 | Fasting sugar test (FBS) | |
06 | Urine test (UFR |
දුරකථන අංක 025-2057401
ජලභීතිකා කටයුතු
- දිනය, ස්ථානය හා වේලාව සඳහන් කර මහජනතාව දැනුවත් කිරීම
- අදාල දිනය තුල පැමිණෙන සියළුම සුරතල් හදුනාගෙන රෝග නිවාරණ කටයුතු සිදු කිරීම
(Tel NO; 025 2057401)
දෛනිකව පශු වෛද්‍ය කාර්යාලය තුළ ද මෙම කටයුතු සිදු කරනු ලබයි.
දුරකථන අංක 025-8661955
නාගරික බලප්‍රදේශය තුළ කසළ කළමනාකරණ කටයුතු විධිමත් අයුරින් සිදුකිරිම උදෙසා 1 පියවර, 2 පියවර, 3 පියවර හා පුජා නගරය ලෙස නගර සභා බලප්‍රදේශය පවිත්‍රතා ඒකක 04 කට බෙදා වෙන්කර ඇත. ඒ අනුව නගර සීමාවම ආවරණය වන පරිදි නාගරික ජනතාව විසින් බැහැර කරනු ලබන කසළ විධිමත් පරිදි එකතු කර ප්‍රතිචක්‍රීයකරණ කටයුතු වෙනුවෙනුත් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා කීරික්කුලම කොම්පොස්ට් ව්‍යාපෘතිය වෙතටත් බැහැර කරනු ලැබේ. මෙම කසළ එකතු කිරිමේ කටයුතු දිනපතා සිදුකරනු ලබන කාර්යයකි.
මෙම කසළ කළමනාකරණ කටයුුතු පහත පරිදි දිනපතා සිදුකෙරේ.
පුජා නගරය
01 | සඳුදා අගහරුවාදා සිකුරාදා ඉරිදා | රුවන්වැලිසෑය රථගාල/සුනාත විශ්‍රාම ශාලාව/ජය ශ්‍රි මහා බෝධි මල්කඩ කොහොඹගස් හන්දිය / දකුණූ වාසල පාර / සංඝමිත්තා මාවත/මිහිදුපුර | දිරන කසළ |
බ්‍රහස්පතින්දා | රුවන්වැලිසෑය රථගාල / ඇල්ලකට්ටු පාර/මිහිදුපුර අතුරු මාර්ග/සුනාත විශ්‍රාම ශාලාව/ තිසාවැව/ ගෙවල් 60 | නොදිරන කසළ | |
බදාදා | රුවන්වැලිසෑය රථගාල / සුනාත විශ්‍රාම ශාලාව/ තිසාවැව/ ගෙවල් 60 | දිරන / නොදිරන කසළ | |
02 | සඳුදා අගහරුවාදා සිකුරාදා ඉරිදා | මිරිසවැටිය/ශ්‍රි මහා බෝධීය පරිශ්‍රය/බසවක්කුලම/මහා විහාර පරිශ්‍රය/වෙස්සගිරිය/රූවන්වැලිසෑය පරිශ්‍රය | දිරන කසළ |
බ්‍රහස්පතින්දා සෙනසුරාදා | මිරිසවැටිය/ රූවන්වැලිසෑය පරිශ්‍රය/සමාධි පිළිමය රථගාල/මහා විහාර විශ්‍රාම ශාලාව/ සාරානන්දය/ ඉසුරුමුණිය | නොදිරන කසළ | |
බදාදා | මහා විහාරය/ මිරිසවැටිය/ රූවන්වැලිසෑය පරිශ්‍රය | දිරන නොදිරන කසළ |
1 පියවර පවිත්‍රතා ඒකකය
01 | අගහරුවාදා සිකුරාදා | වලව්වත්ත පාර/ යාපනය හන්දිය / අඟුරුමඩුව | දිරන |
බදාදා ඉරිදා | නිවන්තකචේතිය පාර/ බණ්ඩාරපුලියන්කුලම/ යාපනය පාර | දිරන | |
බ්‍රහස්පතින්දා | වලව්වත්ත පාර/ යාපනය හන්දිය / අඟුරුමඩුව | නොදිරන | |
සෙනසුරාදා | නිවන්තකචේතිය පාර/ බණ්ඩාරපුලියන්කුලම/ යාපනය පාර | නොදිරන | |
02 | අඟහරුවාදා සිකුරාදා | ධීවර සංස්ථාව පාර/ඒ1 පාර/නගර සභා නිවාස | දිරන කසළ |
බදාදා ඉරිදා | මුදිතා මාවත/ ස්වභාඋයන පාර/හරිශ්චන්ද්‍ර මාවත | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | මුදිතා මාවත/ ස්වභාඋයන පාර/ හරිශ්චන්ද්‍ර මාවත | නොදිරන කසළ | |
සෙනසුරාදා | ධීවර සංස්ථාව පාර/ඒ1 පාර/නගර සභා නිවාස | නොදිරන කසළ | |
03 | අඟහරුවාදා සිකුරාදා | කඩ 30/ ජයන්ති මාවත/ ශ්‍රි මහා බෝධි මාවත | දිරන කසළ |
බදාදා ඉරිදා | සාලිය මාවත/ යාපනය පාර/පුල්ලයාර හන්දිය/ යසපාල හේරත් මාවත | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | සාලිය මාවත/ යාපනය පාර/පුල්ලයාර හන්දිය/ යසපාල හේරත් මාවත | නොදිරන කසළ | |
සෙනසුරාදා | කඩ 30/ ජයන්ති මාවත/ ශ්‍රි මහා බෝධි මාවත | නොදිරන කසළ | |
04 | අඟහරුවාදා සිකුරාදා | පාසල් පෙදෙස/උසාවි පෙදෙස/පල්ලිය පෙදෙස | දිරන කසළ |
බදාදා ඉරිදා | සාලිය මාවත/යාපනය පාර/පුල්ලයාර හන්දිය | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | බැංකු පෙදෙස/කඩ 12/පල්ලිය පෙදෙස | නොදිරන කසළ | |
සෙනසුරාදා | සාලිය මාවත/යාපනය පාර/පුල්ලයාර් හන්දිය/අභමංසල පෙදෙස | නොදිරන කසළ |
2 පියවර පවිත්‍රතා ඒකකය
01 | අඟහරුවාදා සිකුරාදා | පුරහල පෙදෙස / ප්‍රිමන් මාවත / රත්නායකපුර | දිරන කසළ |
බදාදා ඉරිදා | ගොඩගේ මාවත/ ප්‍රිමන් මාවත / පල්ලිය පාර | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | පුරහල පෙදෙස / ප්‍රිමන් මාවත / රත්නායකපුර | නොදිරන කසළ | |
සෙනසුරාදා | ගොඩගේ මාවත/ ප්‍රිමන් මාවත / පල්ලිය පාර | නොදිරන කසළ | |
02 | අඟහරුවාදා සිකුරාදා | බුද්ධගයා 1 මාවත සියළු අතුරා මාර්ග/ගෙවල් 55/මයිගලගස් හන්දිය | දිරන කසළ |
බදාදා ඉරිදා | බුද්ධගයා 11 මාවත සියළු අතුරා මාර්ග/ගෙවල් 60 | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | බුද්ධගයා 1 මාවත සියළු අතුරා මාර්ග/ගෙවල් 55/මයිගලගස් හන්දිය | නොදිරන කසළ | |
සෙනසුරාදා | බුද්ධගයා 11 මාවත සියළු අතුරා මාර්ග/ ගෙවල් 60 | නොදිරන කසළ | |
03 | අඟහරුවාදා සිකුරාදා | අග්බෝපුර සියලු අතුරු මාර්ග/ කුම්බිච්චන්කුලම | දිරන කසළ |
බදාදා ඉරිදා | නවෝද්‍යා පෙදෙස/ සමෘද්ධි පෙදෙස/ පන්සල පෙදෙස | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | අග්බෝපුර සියලු අතුරු මාර්ග/කුම්බිච්–චන්කුලම | නොදිරන කසළ | |
සෙනසුරාදා | නවෝද්‍යා පෙදෙස/ සමෘද්ධි පෙදෙස/ පන්සල පෙදෙස | නොදිරන කසළ | |
04 | අඟහරුවාදා සිකුරාදා | තම්මැන්නාකුලම/ ගුවන්තොටුපල පාර/ඉසුරුපුර | දිරන කසළ |
බදාදා ඉරිදා | ගුවන්තොටුපල පාර/ සාම මාවත/ සමගි මාවත | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | තම්මැන්නාකුලම/ ගුවන්තොටුපල පාර/ඉසුරුපුර | නොදිරන කසළ | |
සෙනසුරාදා | ගුවන්තොටුපල පාර/ සාම මාවත/ සමගි මාවත | නොදිරන කසළ |
3 පියවර පවිත්‍රතා ඒකකය
01 | අඟහරුවාදා සිකුරාදා | යසසිරිපුර/පවිත්‍රපුර/විමුක්ති මාවත/111 පියවර කොටස | දිරන කසළ |
බදාදා ඉරිදා | මහානාම උයන/ දහයියාගම හන්දිය/වී අලෙවි මණ්ඩල නිල නිවාස/ආලංකුලම | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | යසසිරිපුර/පවිත්‍රපුර/විමුක්ති මාවත/111 පියවර කොටස | නොදිරන කසළ | |
සෙනසුරාදා | මහානාම උයන/ දහයියාගම හන්දිය/වී අලෙවි මණ්ඩල නිල නිවාස/ආලංකුලම | නොදිරන කසළ | |
02 | අඟහරුවාදා සිකුරාදා | පුබුදුපුර/ජයසිරිපුර/111 පියවර කොටස | දිරන කසළ |
බදාදා ඉරිදා | පැරකුම් උයන/සිරිමෙවන් උයන 1 -11-111 කොටස | දිරන කසළ | |
බ්‍රහස්පතින්දා | පුබුදුපුර/ජයසිරිපුර/111 පියවර කොටස | නොදිරන කසළ | |
සෙනසුරාදා | පැරකුම් උයන/සිරිමෙවන් උයන 1 -11-111 කොටස | නොදිරන කසළ |
අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු වෙනත් රෝහල්වලින් වාර්තා වන නාගරික බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ආසාදනය වන බෝවන රෝග විර්ශනය හා ව්‍යාප්ති මර්ධන ක්‍රියාමාර්ග ගැනිම සහ බෝ නොවන රෝග සායන ක්‍රියාත්මක කිරිම නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබේ.
ක්‍රියාත්මක සැලැස්ම
අනු අංකය | අරමුණ | පියවර | වගකිම | සම්පත් | සම්පත් දායකත්වය | ඇගයිම |
01 | අනුරාධපුර මහා නගර සභා බලප්‍රදේශයේ මදුරු ගහණය පාලනය කිරිම තුළින් ඩෙංගු රෝගය තුරන් කිරිම. අනුරාධපුර මහා නගර සභා බලප්‍රදේශයේ මදුරු ගහණය පාලනය කිරිම තුළින් ඩෙංගු රෝගය තුරන් කිරිම. | අනුරාධපුර බලප්‍රදේශයේ සිතියම | ප්‍රධාන මහජක සෞඛ්‍ය පරික්ෂක | ප්‍රාදේශිය මැලේරියා නිලධාරි | නිවැරදි සිතියම ලබාගැනිම | |
02 | ඩෙංගු රෝගය සඳහා අධි අවදානම් කළාප හඳුනා ගැනිම – සිතියම | ප්‍ර.ම.සෞ.පරික්ෂකම.සෞ.ප. | – | ප්‍ර.මැ.නිලධාරිප්‍රා.වසංගතවේද ආයතනප්‍ර.ම.සෞ.ප | අධි අවදානම් කළාප වෙන්කරන ලද සිතියම | |
03 | මදුරු මර්ධන කණ්ඩායම් නිර්මාණය කිරිම | නාගරික කොමසාරිස්ප්‍ර.ම.සෞ.පරික්ෂක | අධික්ෂකමදුරු ම.සහායකපවිත්‍රතා කම්කරුවන්ඩෙංගු මර්ධන කාර්ය සහායකයින් | නා.කො.තුමාප්‍රා.වසංගතවෙිදඥ ආයතන | පුහුණූ මදුරු මර්ධන කණ්ඩායම | |
04 | මදුරු මර්ධන කණ්ඩායමට අවශ්‍ය ද්‍රව්‍ය/උපකරණ සපයා දිම | නාගරික කොමසාරිස්ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පරික්ෂක | ඉසිම් යන්ත්‍රමුහුණු/අත් ආවරණ, සපත්තුOverall Kiteධුමායන කටයුතු සඳහා මදුරු නාශකකීඨ නාශකඋදළු/සවල්/ වාහන ලිපි ද්‍රව්‍යපෝස්ටර්/අත් පත්‍රිකාකීඨ භක්ෂක මසුන් | පළාත් පාලන කොමසාරිස්ප්‍රා.සෞ.සේ.අ.ප්‍ර.මැ.නිලධාරි | උපකරණ/ද්‍රව්‍ය සහිත මදුරු මර්ධන කණ්ඩායම් | |
05 | අධි අවදානම් කළාපයේ කොටස් 22 කීඨ විද්‍යාත්මක දත්ත හා රෝගින් වාර්තා විම මත පෙළගැස්විම | ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පරික්ෂකකොට්ඨාශ භාර ම.සෞ.ප. | රෝගීන් වාර්තා විම පිළීබඳ වාර්තාකීඨ විද්‍යාත්මක වාර්තා | – | ප්‍රමුඛතාවය මත පෙළගැස්වු කොට්ඨාශ 22 | |
06 | එක් එක් අවදානම් කළාප ආවරණය කිරිමට ගතවන කාලය දළ වශයෙන් නිර්ණය කිරිම | ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පරික්ෂකකොට්ඨාශ භාර ම.සෞ.ප.මදුරු මර්ධන අධික්ෂක | ප්‍රමුඛතාවය මත පෙළගැස්වු කොට්ඨාශ ලැයිස්තුවසිතියම | – | අධි අවදානම් කළාප ආවරණය කිරිමේ දළ කාලසටහන | |
07 | එක් එක් කළාපයේ අවදානම් සාධක/අභියෝග හඳුනා ගැනිම | ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පරික්ෂකකොට්ඨාශ භාර ම.සෞ.ප. | කීඨ විද්‍යාත්මක වාර්තා | කොට්ඨාශ ම.සෞ.ප.වරුන් | අවදානම් සාධක අභියෝග ලැයිස්තුව | |
08 | එම අවදානම් සාධක/අභියෝග මඟහරවා ගැනිමේ ක්‍රමෝපායන් හඳුනා ගැනිම | ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පරික්ෂකකොට්ඨාශ භාර ම.සෞ.ප. | – | කොට්ඨාශ ම.සෞ.ප.වරුන් | අවදානම් සාධක හා අභියෝග මඟහරවාගැනිමේ ක්‍රමෝපායන් ලැයිස්තුව | |
09 | මදුරු ගහනය පාලනය සඳහා ප්‍රමුඛතාව අනුව මැදිහත්විම. | නා/කොමසාරිස්ප්‍ර.සෞ.වෛ.නි.ප්‍ර.ම.සෞ.පකොට්ඨාශ භාර ම.සෞ.ප. | මදුරු මර්ධන ද්‍රව්‍ය සහ උපකරණවාහන | මදුරු මර්ධන කණ්ඩායම් | රෝගින් වාර්තාවිමේ දත්තකීඨ විද්‍යා වාර්තා |
නගරයේ පුරවැසියන්ට සෞඛ්‍යමත් ලෙස ජිවත්විම උදෙසා නගරය අලංකාර ලෙස පවත්වා ගැනිම මහා නගර සභාවේ ප්‍රධාන කාර්යභාරයකි. එ් සඳහා මහජනයා නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන සොයා බලා එම ස්ථාන පිරිසිදු කිරිම මෙමගින් සිදුවේ.
මෙවැනි වැඩසටහන් මසකට එකක් හෝ කාර්තුවකට එකක් ලෙස සිදුකෙරේ. 2022 වර්ෂයේදි මේ දක්වා පහත පරිදි තෝරාගත් ස්ථාන පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එහිදි නගර සභා කාර්ය මණ්ඩලයට අමතරව පාසල් ළමුන් මෙන්ම ස්වේච්ඡා සංවිධානයද මේ සඳහා එකතු කර ගනිමින් මෙම කාර්ය වඩාත් සාර්ථකව සිදුකිරිමට කටයුතු කෙරේ.
ඉදිරි කාර්තු තුළදි සිදුකිරිමට යෝජිත වැඩසටහනි
අනු අංකය | තෝරාගත් ස්ථානය | කාලය |
01 | කුම්බිච්චන්කුලම වැව පරිසර කලාපය | ජුලි |
02 | පොන්නාරම්කුලම වැව පරිසර කලාපය | අගෝස්තු |
03 | කඩ 50 | සැප්තැම්බර් |
04 | නුවර වැව ඇවිදින මංතීරුව | ඔක්තෝබර් |
05 | මල්වතු ඔය රිවර් පාර්ක් පරිසර කලාපය | නොවැම්බර් |
06 | කුම්බිච්චන්කුලම වැව පරිසර කලාපය | දෙසැම්බර් |
- ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එකතු කිරිම හා ප්‍රතිචක්‍රියකරණය සඳහා ලබාදිමේ වැඩසටහන Insee ආයතනය සමග සිදුකිරිම.
නගරයේ ජනතාව වෙත සේවය සපයනු ලබන මහා නගර සභා සෞඛ්‍ය අංශයට අනුයුක්තව සේවය කරන මෙන්ම අනෙකුත් අංශවග සේවය කරනු ලබන සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිම මෙන්ම ඔවුන්ට ඇති රෝගාබාධ හඳුනා ගෙන ඒ සඳහා වන ප්‍රතිකාර සඳහා යොමු කිරිම සිදුකරනු ලැබේ. එහි මුලික පියවරක් ලෙස 2019 වර්ෂයේදි නාගරික සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ අනුරාධපුර ශික්ෂණ රෝහල කාර්ය මණ්ඩලය සහභාගිත්වයෙන් වෛද්‍ය සායන මාලාවක් පවත්වන ලදි. පසුගිය වර්ෂයේදි කොවිඩ් වෛරස පාලන කටයුතු හේතුවෙන් එම කාර්ය සිදුකිරිමට නොහැකි වු බැවින් 2022 වර්ෂයේදි නවතත් එම කාර්ය සිදුකිරිම සඳහා කටයුතු යොදා ඇත.
ප්‍රථමාධාර වැඩසටහන් – සියළුම අංශ නියෝජනය වන පරිදි ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, සියළුම අංශ වෙත ප්‍රථමාධාර පෙට්ටයක් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදෙන ලදි. තවද සහභාගි වු සියළුමදෙනාහට සහතික පත්‍රයක් ලබාදිමට කටයුුතු කරන ලදි.
*** අනුරාධපුර මහා නගර සභාව සහ රජරට විශ්ව විද්‍යාලය එක්ව කසළ කළමනාකරණ පිළිබඳ නාගරික ජනතාව දැනුවත් කිරිමටත් කසළ ප්‍රතිචක්‍රියකරණය සිදුකළ යුතු ආකාරයත්, එකතු කිරිමේ ක්‍රමවේදයන් ආදිය සම්බන්ධවෙන් වැඩසටහනක් සිදුකිරිමට යෝජිතව ඇත.
පොදු වැසිකිලි පිලිබද විස්තර
අනුරාධපුර නගර සීමාව වෙත පිටතින් පැමිණෙන පුද්ගලයින්ගේ මුලික අවශ්‍යතාවයන් සපුරිලීම උදෙසා පොදු වැසිකිලි පද්ධතියක් නිසියාකාරව පවත්වාගෙන යනු ලබයි.