ජාත්‍යන්තර කාන්තා දිනය – 2025
ජාත්‍යන්තර කාන්තා දිනය – 2025 වෙනුවෙන් “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” තේමාව යටතේ සංවිධානය කරනු ලබන සංගීත රසවින්දනාත්මක වැඩසටහන හා සෞඛ්‍ය සායනය

“සුන්දරත්වය විදින්න, පිය සටහන් පමණක් ඉතිරි කර යන්න” INSEE ecocycle ආයතනයේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නුවර වැව රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන. විශේෂ ස්තුතිය-නගරාධිපතිතුමන් සහ නාගරික කොමසාරිස්තුමාInsee ආයතනයවාරිමාර්ග දෙපාර්තමේන්තුවසිවිල් ආරක්ෂක අංශයනිවත්තක චේතිය විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු 7 වසර සිසුන්අනුරාධපුර පොලිසිය පරිසර ඒකකයමරණාධාර සමිති සහ ගම්වාසීන්සහය වූ සියළුම දෙනා
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.